සිතාරා සඳමාලි ෆර්නැන්ඩෝ ශ්‍රී ලාංකික තරුණියකි. මෙරට උප්පත්තිය ලැබූවත් ඇය කුඩා කල සිටම හැදී වැඩුණේ බටහිර රටකය. ඒ තම දෙමව්පියන් සමගින්ය. ඇයට තව එක් සහෝදරියක් සිටී.
කුඩා කල සිටම සිතාරා ගත කළේ අමුතුම ජීවිතයකි. ඇයගේ සිතුම් පැතුම් අන් තරුණියන්ට වඩා වෙනස් විය. ගති පැවතුම් ද එලෙසමය. කොටින්ම කියතොත් ඇය අන් තරුණියන්ට වඩා හාත්පසින්ම වෙනස් තැනැත්තියක් වූවාය.
නිසි වයසට පැමිණීමත් සමග සිතාරාගේ යෙහෙළියන් තරුණයන් සමග පේ‍්‍රම සම්බන්ධතා පැවැත්වුවත් කිසි දිනෙක ඇය එවැනි සම්බන්ධතාවයක් පැවැත්වූයේ නැත. පිරිමි පාර්ශ්වය පිළිබඳව කිසිදු හැඟීමක් ඇයට නොතිබුණි. ඒ ඇය සමලිංගික තරුණියක් වූ නිසාය. දෙමව්පියන් සහ ඇයගේ ළඟම හිතවතුන් ඒ පිළිබඳව දැන සිටියහ.
බටහිර රටක ජීවත් වූ නිසා සිතාරාට දෙමාපියන්ට සහ අන් අයට ඒ පිළිබඳව ගැටලූවක් තිබුණේ නැත.
ජෙනිෆර් එලිසබෙත් කාටර් කැනඩා ජාතික තරුණියකි. ඇයද සිතාරා මෙන් සමලිංගික කාන්තාවකි. මෙම දෙදෙනා දැන හඳුන ගන්නේ දැනට වසර කිහිපයකට පෙරයි. එම දැන හඳුනා ගත්දා සිට මොවුහු අතර ලොකු මිත්‍රත්වයක් ගොඩනැඟුණහ.
කලක් ගත වෙද්දී එම මිත්‍රත්වය පේ‍්‍රම සම්බන්ධතාවයකට පෙරලූනි. දෙදෙනාට දෙදෙනා ආදරය කරන්න පටන් ගත්හ. ඒ අනුව ඔවුන් ජාතීන් දෙකකට අයත් සමලිංගිකයන් බවට පත් විය.
les3ඔහුන්ගේ ආදර කතාවට වසරක් ගතවීමෙන් පසු දෙදෙනා විවාහ වීමට තීරණය කළහ. දෙපාර්ශ්වයේ වැඩිහිටියන්ට ඒ පිළිබඳව පැවසූහ. ඒ අනුව ඔවුන්ද එක පයින්ම මෙම විවාහයට කැමති විය.
ඒ අනුව සිතාරා සහ ජෙනිෆර් මංගල උත්සවය ගත යුතු වූ ආකාරය පිළිබඳව සැලසුම් කළහ. ඒ දෙමාපියන්ගේ සහ මිතුරු මිතුරියන්ගේ අදහස් ද සමඟින්ය.
නියමිත දිනය උදාවිය. සිතාරා සාරියකින් සැරසී උඩරට මනාලියක් ලෙසත්, ජෙනිෆර් ගවුමකින් සැරසී බටහිර මනාලියක් ලෙසත් විවාහය පැවැත්වීමට නියමිතව තිබූ ඇල්බාර්ටාහි එඞ්මන්ටන්හි පිහිටි උත්සව ශාලාවට ඇතුළු විය. ඒ දෙදෙනාගේම දෙමව්පියන් සහ හිත මිතුරන් සමගින්ය.
උත්සව ශාලාව විදුලි බුබුළු සහ මල්වලින් අලංකාරවත් ලෙස සරසා තිබුණි. එයට අමතරව සිංහල චාරිත්‍රවලට අනුකූලව පසෙකින් ලස්සන පෝරුවක් සකසා තිබුණි.
නියමිත වෙලාව උදාවිය. වම් පසින් සිතාරාගේ දෙමව්පියනුත්, දකුණු පසින් ජෙනිෆර්ගේ දෙමව්පියනුත් මනමාලියන් දෙදෙනාව පෝරුව වෙත නැග්ගූහ. ඉන්පසු අත පැන් වත්කොට දෙදෙනා මංගල මුදු සහ කරමාල හුවමාරු කරගත්හ.
සිතාරාගේ සහෝදරිය නීතිඥවරියක් සහ විවාහ කොමසාරිස්වරියකි. එම නිසා මෙම විවාහයේ සියලූ කටයුතු නීත්‍යානුකූලව සිදුකළේ ඇය විසින්ය.
යුග දිවියට ඇතුළු වීමෙන් පසු දෙදෙනා පොල් ගෙඩිය බිඳීමෙන් පසු පෝරුවෙන් බැස්සහ.
එම විවාහ උත්සවය සිංහල සිරිත් විරිත්වලට සහ බටහිර චාරිත්‍රවලට අනුකූලව පැවැත්වුණි. විවාහ වීමෙන් පසු මනමාලියන් දෙදෙනා පැමිණි සිටි අමුත්තන් අමතා මෙසේ ප්‍රකාශ කළහ.
‘‘අපි සමලිංගික, ජාතීන් දෙකකට අයත් යුවළක් වන අතර අපේ විවාහ මංගල්‍යයත් තරමක් සුවිශේෂී එකක්. අපිට ඕන වුණේ ඒක ඉතාම නිදහස් විනෝදකාමී එකක් කරන්න. අපේ ආරාධිතයන්ට අපිත් එක්ක සතුටු වෙන්න ඉඩ හරින්න. අපි තෝරගත්ත ශාලාව ඩවුන්ටවුන් එඞ්මන්ටන්වල හොලිඬේ ඉන් එක සුන්දර වගේම මිල අධික නොවන තැනක්.”








