දාහතර හැවිරිදි පාසල් දැරියකට බරපතළ ලෙස අපයෝජනයක් සිදු කළ බව කියන විසිඑක් හැවිරිදි තරුණයකු පොලිසිය මගින් පෙරේදා (25 වැනිදා* පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.
තවද අතවරයට ලක් වූ දැරිය ප්රතිකාර සඳහා රෝහලට ඇතුළත් කර තිබේ. එම දැරියගේ මව මිය ගොස් සිටින අතර ඉකුත් 17 වැනිදා පියා නිවසේ නොසිටි අවස්ථාවක මෙම තරුණයා නිවෙසට පැමිණ අපරාධය සිදු කර තිබිණි.
එම දැරිය ජංගම දුරකථනයක් භාවිතා කරන අතර එය ඔස්සේ සැකකාර තරුණයා හඳුනා ගෙන තිබේ. සැකකරු මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබිණි.
පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක දුමින්ද කුලසේකර මහතාගේ උපදෙස් අනුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්. අමරසේකර, උප පොලිස් පරීක්ෂක නිපුන ද සිල්වා, පො. කො. කුමාර (71453, දසනායක (71335 හා ලක්මාල් (82436* යන නිලධාරීහු විසින් මෙම වැටලීම සිදු කරනු ලැබුහ.






