Press "Enter" to skip to content

සුදුවෙන්න ක්‍රීම් එකක් දෙන්නම් කියා දොස්තර 26 හැවිරිදි කාන්තාවක් දුෂණය කරලා

සුරූපී නිළියක මෙන් පැහැපත් සමක් සඳහා එන්නතක් ලබාදෙන බව පවසා කාන්තාවක් දූෂණය කළැයි වෛද්‍යවරයකු අත්අඩංගුවට ගත් බව නාරාහේන්පිට පොලිසිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (24 වැනිදා) දන්වා සිටියේය.

නාරාහේන්පිට, ඉසිපතන මාවත, ග්‍රීන්ලන්ඩ් ඇවනිවු, අංක 60 පිහිටි ‘‘සෙත්මන්සල’’ නමැති වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍ය කොළඹ 05, තිඹිරිගස්යාය පාර අංක 116/11 ලිපිනයේ පදිංචි කොරතොටගේ ලියනගේ වික්‍රමරත්න නමැති සැකකරු මෙලෙස අත්අඩංගුවට ගත් බව නාරාහේන්පිට පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.පී.සී.ජේ. කුලසිංහ අධිකරණයට දැන්වීය.

සැකකාර වෛද්‍යවරයා විසින් තමාව දූෂණය කළ බවට වැල්ලවත්ත පදිංචි 26 හැවිරිදි කාන්තාවක් කළ පැමිණිල්ලකට අනුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබිණි. පැමිණිලිකාරිය සිය සම පැහැපත් කර ගැනීම සඳහා එන්නතක් ලබා ගැනීමට අන්තර්ජාලය ඔස්සේ සොයා බැලීම් කිරීමේදී, සැකකාර වෛද්‍යවරයාගේ ප්‍රතිකාර මධ්‍යස්ථානය පිළිබඳව තොරතුරු ලැබී තිබේ. එම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සම පැහැපත් කිරීමේ එන්නත් රුපියල් 10,000 සිට රුපියල් 35,000 දක්වා මිල ගණන් යටතේ තිබෙන බවත් පැමිණිලිකාරිය අනාවරණය කරගෙන තිබේ.

පැමිණිලිකාරිය එන්නත්වල මිල ගණන් වැඩි බව සැකකරුට දන්වා ඇති අතර එහිදී ඔහු ‘‘ක්‍රීම් එකක් තියෙනවා දෙන්නම්’’ කියා පවසා වෛද්‍ය මධ්‍යස්ථානයේ උඩුමහලට පැමිණිලිකාරිය රැගෙන ගොස් එහිදී දූෂණයට ලක්කර තිබෙන බව පොලිසිය අධිකරණයට දැන්වීය. සැකකාර වෛද්‍යවරයා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හරින ලෙස නියම කළේය.

More from GossipMore posts in Gossip »