භාතිය – සන්තුෂ් විසින් අවසරයකින් තොරව තමන්ගේ බුද්ධිමය දේපල අයිතිය පැහැර ගැනීමට එරෙහිව ක්රියා නොකලා යැයි කලකිරී මහාචාර්ය සුනිල් ආරියරත්න සහ ආචාර්ය රෝහණ වීරසිංහ යන මහත්වරුන් ඔස්කා අධ්යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඔවුන් මේ සම්බන්ධයෙන් ඔස්කා සංවිධානයේ සභාපති ජයන්ත ධර්මදාස මහතාට ලිපියක් යොමුකරමින් පවසා ඇත්තේ ඇඩ්රස් නැහැ චිත්රපටයේ ඇඩ්රස් නැහැ ගීතය භාතිය සහ සන්තුෂ් විසින් ඔවුන්ගේ වානිජ කටයුත්තක් වෙනුවෙන් අවසරයකින් කොරව යොදාගෙන ඇති බවයි.
භාතිය සහ සන්තූෂ් ද ඔස්කා අධ්යක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් බවත් ඔවුන්ව කැඳවා මේ පිළිබඳව විමසා සිටි අවස්ථාවේ ඔවුන් එය පිළිගත් බවද ඒ වෙනුවෙන් ගීතයේ හිමිකාරත්වය දරන ආචාර්ය රෝහණ වීරසිංහ සහ මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් රුපියල් මිලියනයක් ඉල්ලා සිටි බවත් ඔවුන් එය ගෙවීම පැහැර හරිමින් කේවල් කරමින් සිටින බවත් එම ලිපියේ වැඩිදුරටත් දැක්වේ.
ඒ අනුව මහාචාර්ය සුනිල් ආරියරත්න සහ අචාර්ය රෝහණ වීරසිංහ සඳහන් කර ඇත්තේ මෙම බුද්ධිමය දේපල මංකොල්ල කෑම වෙනුවෙන් විරෝධය සහ අප්රසාදය පළකරමින් ඔස්කා සංවිධානයෙන් ඉල්ලා අස්වන බවයි
ඔවුන් දෙපළ ඔස්කා සංවිධානයේ සභාපති වෙත යවන ලද ලිපිය පහත දැක්වේ.
මූලාශ්රය – මිරර් ආර්ට්ස් ඩොට් එල් කේ







