Press "Enter" to skip to content

දුවගේ කෙරුවාව එළිවී තාත්තාට බූවල්ලෙන් ගහගන්න වෙලා

කොරෝනා මර්දන නීති රීති කඩකරමින් මගී ප්‍රවාහන බස් රථයේ පිටුපස අසුනේ අනග රැගුම් පාමින් සිටි තරුණයාට හා තරුණියට දෙහි කපමින් ආ තැනැත්තාට ඒ අනග රැගුම් පා ඇත්තේ සිය දියණිය බව හෙළිවීමෙන් පසු පොළව පලාගෙන යාමට තරම් බැරෑරුම් අවස්ථාවකට මුහුණදීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් වාර්තා වේ.

හෙතෙම වැඩට යන්නේ කුකුළා මල්ලේ දමාගෙනය. එන්නේ වවුලා අතින් ගෙනය. එදාත් ඔහු වැඩට කුකුළා මල්ලේ දමාගෙන ගොස් වවුලා අතින් ගෙන සිය නිවස කරා එමින් සිටියේය. කොළඹ සිට දුම්රියෙන් තමන් පදිංචි නගරයට ආ ඔහු සිය නිවසට යාමට බස් රථයකට ගොඩවූයේය. ඒ බස් රථයේ ඉදිරිපසිනි.

තරුණයෙක් හා තරුණියක් එම බස් රථයේ පසුපස අසුනේ වාඩිවී අනග රැගුම් පාමින් සිටියහ. එහි ඉදිරිපස සිටි බාල මහලු කාගෙත් නෙත් ගියේ ඒ දෙසටය. එහෙත් මේ දෙදෙනාට ඒ වග වගේ වගක් නැතිවාක් මෙනි. ඔවුන් සුපුරුදු පරිදි ඔවුන්ගේ කාර්යයේය. බසයේ ඉදිරිපස නොබැලූ තරම්ය. තමන් සමග සැමදාම යන දෙදෙනකු නිසාත් ඔවුන්ගෙන් ලැබෙන පොඩි පොඩි සන්තෝෂම් නිසාත් කොන්දොස්තර මහතාද මෙය දැක්කද නොදැක්කා සේය.

මෙම කතානායකයාත් මේ කෙල්ලගේ හා කොල්ලගේ අනග රැගුම් දුටුවේය. ඔහු සිටියේ තරහකින්ය. හැමදේටම කට දාන ඔහුද මේ තරුණයාට හා තරුණියට බැණ බැණ සිටියේය. මේ කාගේ කවුද යන්න ඔහුට හඳුනා ගැනීමට නොහැකිවූයේ ඔවුන් දෙදෙනාම මුඛ ආවරණ පැළඳ සිටීම නිසාය. මුන් දෙන්නාම පට්ට ගහන්න ඕන යයි ඔහු කීවේය. ඒ විතරක් නොව මේ වගේ දරුවන් හැදූ මව්පියන්ට ගහන්න ඕන බූවල්ලකින් බවද කීවේය. ළමයි ගැන සොයලා බලන්නේ නැති මවුපියන්ගෙන් වැඩක් නැති බවද තව තවත් කට මැත දොඩවමින් කීවේය. මම වගේ තාත්ත කෙනෙක් නම් කරන දේ දන්නා බවද කීවේය.

ඔහු බසිනා තැනට බසය කිට්ටුවෙමින් තිබුණේය. ඒ එක්කම අර තරුණයා සමග අනග රැගුම් පාමින් සිටි තරුණියද බසයෙන් බැසීමට ඉස්සරහට පැමිණියාය. ‘ආ තාත්තත් ආවද මේ බස් එකේ’ යයි තරුණිය ඔහුගේ අතේ එල්ලෙමින් කියද්දී බස් රථයේ සිටි අය ‘හා මේ ඔයාගේ දූ ද’ කියලා අසනවිට ඔහුට මහ පොළව පලාගෙන යන්න සිතුණේය.

දැන් ඉතින් ගෙදර ගිහිල්ලා දූව පට්ට ගහන්න පුළුවන් යයි එකෙක් කීවේය. මෙහේම දරුවන් හැදුවට දැන් ඉතින් මෙයාට ගහන්නේ කවුදැයි තව එකෙක් ඇසුවේය. මේ කියුම් කෙරුම් අස්සේ තමාගේ අතේ තාත්තේ කියමින් එල්ලු‍ණු දුවගේ අත ගසා දමා නියම තැනින් ඔහු බසයෙන් බැස ගියේ ආයෙත් නම් මේ බස් එකේ ගමන් බෑ යයි කියමින් සිය දියණියට දන්න සුද්ද සිංහලෙන් බැණ බැණය.

More from GossipMore posts in Gossip »