Press "Enter" to skip to content

මගීන් 231ක් රැගත් බෝයිං 777 වර්ගයේ ගුවන් යානයක් අඩි 15000ක් උඩු ගුවනේදී ගිනි ගනී – VIDEO

අමෙරිකාවේ ඩෙන්වර් ගුවන් තොටුපොළේ සිට හවායි හි හොනලුලු දුපත් බලා ගමන් කරමින් තිබු යුනයිටඩ් ගුවන් සමාගමට අයත් බෝයිං 777 වර්ගයේ ගුවන් යානයක එංජීමක් ගිනි ගැනීමකට ලක්වී එහි කොටස් ජනාකීර්ණ ප්‍රදේශයකට කඩා වැටීමේ සිදුවීමක් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මෙම ගුවන් යානය ඩෙන්වර් ගුවන් තොටුපළෙන් ගුවන් ගතවී මිනිත්තු කිහිපයක් තුලදී එංජිමේ ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිදුවීම වන අවස්ථාවේ ගුවන් යානාය අඩි 15,000ක් ඉහලින් පියාසර කරමින් සිට ඇති අතර ගුවන් යානය තුල මගීන් 231ක් දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකු සිට තිබෙනවා.

ඉහල අහසේදී ගිනි ගත් ගුවන් යානාවේ එංජිමේ කොටස් ඩෙන්වර් ප්‍රදේශයේ ජනාකීර්ණ ප්‍රදේශයක වූ නිවාස සහ මාර්ගයේ ස්ථාන රැසකට කඩා වැටීමෙන් දේපල හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

යානයේ එංජිම ගිනි ගැනීමත් සමගම ගුවන් නියමුවා විසින් ගමන් ඇරඹු ඩෙන්වර් ගුවන් තොටුපොල සමග සම්බන්ධවී හදිසි ගොඩබෑමකට අවසර ඉල්ලා ඇති අතර ගුවන් යානය ගුවන් ගතවී මිනිත්තු 30 කට පසුව යලි ආරක්ෂා සහිතව ගොඩබෑමට නියමුවන් සමත්ව තිබෙනවා. මෙම සිදුවීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

More from GossipMore posts in Gossip »