Press "Enter" to skip to content

තවත් ශීඝ්‍ර ව්‍යාප්තියක් සහිත කොවිඩ් ප්‍රභේදයක් හමුවෙයි

ජපානයෙන් කොවිඩ්-19 වෛරසයේ නව ප්‍රභේදයක් හඳුනාගෙන තිබේ.

එරට සංක්‍රමණික මධ්‍යස්ථානයක් ආශ්‍රිතව මෙම නව වෛරස ප්‍රභේදය හඳුනාගෙන ඇති අතර එය මගින් තවත් කොවිඩ් ආසාදිත පොකුරක් නිර්මාණය විය හැකි බව සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වාදෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නව වෛරස් ප්‍රභේදය ආසාදිත වූවන් 91 දෙනෙකු ජපානයේ කාන්ටෝ ප්‍රදේශයෙන් සහ තවත් දෙදෙනෙකු එරට ගුවන් තොටුපොළක් ආශ්‍රිතව වාර්තා වී තිබේ.

එම වෛරසය ශීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ප්‍රභේදයක් බවට ජපාන සෞඛ්‍ය අංශ විසින් මේ වන විට තහවුරු කරගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දැනට වෙනත් රටවලින් වාර්තා වන කොවිඩ්-19 වෛරසයේ නව ප්‍රභේදයන්ට වඩා වෙනස් වූ ලක්ෂණ ජපානයෙන් හඳුනාගත් නව වෛරස ප්‍රභේදය පෙන්නුම් කරන එරට සෞඛ්‍ය අංශ පෙන්වාදී ඇත.

More from GossipMore posts in Gossip »