Press "Enter" to skip to content

අන්තර්ජාලයේ අසභ්‍ය වීඩියෝවක් නිසා උමාරියා නාලිකාවක හඬා වැටේ

මෙරට ප්‍රසංග කලාවේ ජනප්‍රිය ගායිකාවක් වන උමාරියා සිංහවංශ විසින් සමාජ මාධ්‍ය ඔස්සේ කාන්තාවන්ට සිදුවන හිරිහැර හෙළා දැක තිබෙනවා. Hari TV යුටියුබ් නාලිකාවේ ලහිරු මුදලිගේ සමගින් සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් ඇය සඳහන් කර සිටින්නේ මෙවැනි හිරිහැර කිරීම් හේතුවෙන් වින්දතයින් බවට පත්වන කාන්තාවන් දැඩි මානසිකව පිඩාවකට ලක්වන බවයි.

මෑත කාලයේ තමාගේ බව පවසමින් සමාජ මාධ්‍යයේ සංසරණය වූ ව්‍යාජ නිරුවත් වීඩියෝ පටයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් උමාරියා කියා සිටියේ එම සිදුවීම හේතුවෙන් තමන්ට සියදිවි නසා ගැනීමට පවා සිතුවිලි ඇතිවූ බවයි.

මෙවැනි වීඩියෝ පළකරනු ලබන පුද්ගලයින් ගේ පවුල්වල මව්වරුන්, සොහොයුරියන් නොමැතිද එමෙන්ම මෙවැනි ක්‍රියාවල ඔවුන් යෙදෙන්නේ කුමක් අරඹයා ද යන්න ඇය මෙහිදී විමසා සිටියා.

More from GossipMore posts in Gossip »