Press "Enter" to skip to content

මහජනතාව සෞඛ්‍ය උපදෙස් පිළිපදින්නේ නැත්නම් ඉදිරියේදී දැඩි තීරණ ගන්නවා

‘‘සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් මහජනතාව නිවැරදිව අනුගමනය කරන්නේ නැත්නම් ඉදිරියේදී දැඩි තීරණ ගන්න සිදුවෙනවා….’’ යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

කොරෝනා මර්දනය කරන්න සෞඛ්‍ය අංශ විශාල වෙහෙසක් දරන බවත්, ඒ සඳහා මහජනතාවගේ ද සහාය ඉතා අත්‍යවශ්‍ය බවත් ඒ මහතා කීය.

මෙහිදී තවදුරටත් කතා කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මෙසේද කීය.

මිලියන 22 ක් වන මිනිසුන් පස්සේ ගිහින් ඉන්න තරම් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට සේවකයෝ නැහැ. ජනතාව මේ සෞඛ්‍ය පුරුදු අනිවාර්යෙන්ම පිළිපැදිය යුතුයි.

මේක පළිපදින්නේ නැත්නම් අපට සිදුවෙනවා නීති රීති දැඩි කරන්න. අපි ඒ තැනට යන්න බලාපොරොත්තුවක් නැහැ. අපි මහජනතාව අපහසුතාවයට පත්කරන්න බලාපොරොත්තුවක් නැහැ. ඒ නිසා හැම දෙනාම සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න.

More from GossipMore posts in Gossip »