Press "Enter" to skip to content

සහරාන්ගේ අන්තවාදී පන්තිවලට සහභාගී වු තරුණියක් අල්ලයි

පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව මෙහෙය වූ සහරාන් හෂීම් විසින් පවත්වන ලද ඉස්ලාමීය අන්තවාදී පුහුණු පන්තිවලට සහභාගී වූ තරුණියක් ඊයේ (19) දිනයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

මාවනැල්ල, හිඟුල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24ක් වු තරුණියක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය මඟින් සිදුකළ විමර්ශනයක් අනුව එම තරුණය අත්අඩංගුවට ගනු ලැබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

සහරාන් නැමැත්තා විසින් කාන්තාවක් පිරිසක් ද අන්තවාදී සංවිධානයට බඳවා ගෙන යම් පුහුණුවක් ලබාදී ඇති බවට තොරතුරු අනාවරණය වු බවත් ඒ අනුව එවැනි කාන්තාවන් 6 දෙනෙක් පසුගිය දෙසැම්බර් මස 7 වන දින ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගනු ලැබු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

අදාළ සැකකාරිය මේ වන විට ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන විත් ඇතැයි ද පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, ඇය රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බව ද සඳහන් කළේය.

More from GossipMore posts in Gossip »