විල්ගමුව, නුගගොල්ල, මීවාඔබේ ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට වෙළෙඳ සලක් තුළදී අට මස් ගැබිණි කාන්තාවක් සහ ඇයගේ සැමියා ගින්නකට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය පැවසුවේ, මෙම මරණවලට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ, නුගගොල්ල, මීවාඔබේ ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි චතුරංග බණ්ඩාර සහ ඔහුගේ බිරිඳ වූ අටමස් ගැබිණියක්ද වන ඩිලානි මධුෂානි නම් 23 හැවිරිදි වියේ පසුවූ කාන්තාවක්.
ඇය ලබන සතියේ දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගතවීමට ද නියමිතව තිබුණා.
කෙසේ වෙතත්, මෙම යුවළ අතර පසුගිය කාලයේ සුළු සුළු පවුල් ආරවුල් තිබූ බවටත්, අදාළ පුද්ගලයා මත්පැන් පානයට යොමුව සිටි බවටත් වාර්තා වනවා.
ඊයේ රාත්‍රී 10 ට පමණ අදාළ වෙළෙඳ සලේ ගින්නක් හටගෙන තිබූ අතර ප්‍රදේශවාසීන් එය නිවාදැමීමට උත්සාහ කළද ඒ අවස්ථාව වනවිටත් ගින්නට හසුවීමෙන් ඔවුන් දෙදෙනාම ජීවිතක්ෂයට පත්ව තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරික්ෂණය නාවුල ලග්ගල සංචාරක මහේස්ත්ත්‍රාත්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
මියගිය තරුණයාගේ ගෙළෙහි ලණුවක්ද දක්නට ලැබෙන අතර, පොලීසිය පැවසුවේ හෙට පැවැත්වෙන පශ්චාත් මරණ පරීක්ෂණයේදි මෙම මරණ සිදු වූ ආකාරය පිළිබඳව නිශ්චිත ලෙස අනාවරණ කර ගත හැකි බවයි.






