Press "Enter" to skip to content

පාරේ නතර කරලා තිබූ ත්‍රීරෝද රථයක් උස්සපු පාසල් සිසුවා සිසුවියන් දෙදෙනෙකු සමග කැලයක් තුළ රැයක් ගත කරයි

මහනුවර සුදුහුම්පොල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට නවතා තිබූ ත්‍රීරෝද රථයක් සොරාගෙන මත්කුඩු ජාවාරම්කරුවකු හා පාසල් සිසුවියන් දෙදෙනකු සමඟ මහනුවර හීරැස්සගල ප්‍රදේශයේ කැලයක රැයක් ගතකර ත්‍රීරෝද රථය එම කැලෑවේ සඟවා පලායෑමට උත්සාහ ගත් පාසල් සිසුවකු අත්අඩංගුවට ගත් බව මහනුවර පොලිසිය කියයි.

මීට අමතරව කැලෑවට රැගෙන ගිය පාසල් සිසුවියන් දෙදෙනා පොලිස් භාරයට ගෙන ඇත.

මෙම පාසල් සිසුවා හා සිසුවියන් දෙදෙනා සමග කැලයට ගිය මත්කුඩු ජාවාරම්කරු පළා ගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිසිය පුළුල් පරීක්‍ෂණයක් අරඹා තිබේ.

කැලයට රැගෙන ගිය පාසල් සිසුවියන් දෙදෙනාගේ දෙමාපියන් පොලිස් ස්ථානයට කැඳවා තරයේ අවවාද කර සිසුවියන් දෙමාපියන්ට භාරදී ඇත.

කෙසේ වෙතත් රුපියල් ලක්‍ෂ 7 ක් වටිනා ත්‍රීරෝද රථය සොරා ගැනීමේ චෝදනාව මත පාසල් සිසුවාට අධිකරණය හමුවේ නඩු පවරන බව පොලිසිය කියයි.සැකකාර සිසුවා 18 හැවිරිදි මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන සිසුවෙක් බව හෙළිවිණැයි ද පොලිසිය පවසයි.

මහනුවර කොට්ඨාස අපරාධ ප්‍රධානී ප්‍ර.පො.ප. සංජය සේනානායක උ.පො.ප. වරුන් වූ එම් තලගුනේ සහ පො.සැ. වරුන් වන බෝධිපක්‍ෂ (2174) සමරකෝන් (8305) කුලරත්න (93351) කුලරත්න (1108) විමර්ශන සිදු කරති.

More from GossipMore posts in Gossip »