Press "Enter" to skip to content

දරු ප‍්‍රසූතියට බිරිඳව රෝහල් ගත කළ සැමියා 19 හැවිරිදි තරුණියක් සමග පැන යයි

සිය බිරිද සිව්වැනි දරුවා ප‍්‍රසූත කිරීමට රෝහල් ගත වූ අවස්ථාවේ දී කලක සිට අනියම් ඇසුරක් පැවැත්වූ 19 හැවිරිදි තරුණියක් අඹුකමට ගත් කතාවක් බළන්ගොඩ, සමනළ වැව පොලිසියෙන් වාර්තා වේ.

මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම අනියම් බිරිඳ සමග ගතකිරීමට තෝරාගෙන ඇත්තේ පානදුර ප‍්‍රදේශයේ පදිංචිකරුවකුගේ සමනළ වැව පොලිස් බල ප‍්‍රදේශයේ පිහිටි නිවසකි. වසා තිබූ එම නිවසේ පිටුපස දොර කඩා ඇතුල් වී සිටි බවද සදහන් වේ.

කොරෝනා ව්‍යසනය නිසා නිවසේ හිමිකරුවන් මාසයකට පමණ පසුව පඹහින්න ප‍්‍රදේශයේ පිහිටි සිය නිවසට විත් බලද්දී එහි තිබූ ජල මෝටරය, ජල ටැංකිය ඇතුලූ රු. 50,000 ක පමණ වටිනා බඩු බාහිරාදිය නිවසේ නොතිබීම නිසා පොලිසියට පැමිණිලි කර ඇත.

ඒ අනුව පොලිසිය කරන ලද පරීක්ෂණවලදී ඉහත සදහන් කටයුත්ත කළ සිව්දරු පියා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. එම පුද්ගලයාගේ විවාහක බිරිද හා ඇගේ දරුවන් තිදෙනා රැුක බලා ගැනීමේ කටයුත්ත දැනට ඇයගේ දෙමව්පියන් විසින් සිදු කරන බවටද තොරතුරු ලැබී තිබේ.

මෙම සිද්ධිය පිළිබදව සමනළ වැව පොලිස් මුරපොළේ ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. චින්තක විජේසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් උ.පො.ප. තෙන්නකෝන් මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් පරීක්ෂණ මෙහෙයවති.

More from GossipMore posts in Gossip »