Press "Enter" to skip to content

ගාල්ල නගරාධිපති පී.සී.ආර් – නිරෝධායනය ප්‍රතික්ෂේප කරයි

කොවිඩ් ආසාදිතයකුගේ ආශ්‍රිතයකු වීම නිසා ගාල්ල මහා නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතාට නිරෝධානයට හා පී සී ආර් පරීක්ෂණයක් සිදුකිරීමට අවශ්‍ය බව පැවසූ විට ඒ මහතා එම ඉල්ලීම් සියල්ලම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ගාල්ලේ කොරෝනා පාලනය සම්බන්ධව ගැටලු සහගත තත්වයක් මතුවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් ශාඛාවේ ලේකම් වෛද්‍ය මංජුල ද සොයිසා මහතා පැවසීය.

සෞඛ්‍ය නීතිරීති අනුගමනය නොකරමින් තම සුපුරුදු රාජකාරිවල නගරාධිපති නිරතව ඇති බවද හෙතෙම කීය.

වෛද්‍ය මංජුල ද සොයිසා මහතා තවදුරටත් පැවසූයේ ගාල්ල නාගරිකයේ පළමු පුරවැසියා මෙසේ හැසිරීම කනගාටුවට කරුණක් බවයි.

මේ සම්බන්ධයෙන් ගාල්ල මහා නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතා මහතාගෙන් විමසීමේදී ඒ මහතා මෙසේ කීය.

“මට කවුරුවත් නිරෝධායනය වෙන්න හෝ පීසීආර් කිරීමට උපදෙස් දුන්නේ නැහැ. නගර සභාවේ සේවකයන් 16දෙනෙක් නම් නිරෝධනයට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ උපදෙස් පිට ලක් කළා”