තම දෙමාපියන් ජීවත් වන නිවසට අලාභ හානි කර එම නිවසට ගිනි තැබූ දියණියක් පිළිබඳ තොරතුරු කටුගස්තොට – හල්ඔළුව ප්රදේශයෙන් වාර්තාවුණා.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 31 හැවිරිදි එම කාන්තාව අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
60 හැවිරිදි වියේ පසුවන ඇගේ දෙමාපියන් දෙදෙනා හල්ඔළුව ප්රදේශයේ ජීවත්වන අතර, ඔවුන් නිවසේ සිටියදීම පෙරේදා රාත්රියේ දියණිය පැමිණ නිවසට පහරදී ගිනි තබා තිබෙනවා.
එහිදී නිවසේ නතර කර තිබූ ත්රිරෝද රථයකට ද හානි සිදුකර ඇති බව පොලීසිය ප්රකාශ කළා.
කෙසේ වෙතත්, ගින්නෙන් දෙමාපියන් දෙදෙනාට හානියක් සිදුව වී නොමැති අතර අදාළ කාන්තාව සහ ඇගේ දෙමව්පියන් අතර දීර්ඝ කාලයක සිට ආරවුල් පවතින බව පොලීසිය කියා සිටියා.






