Press "Enter" to skip to content

බදුල්ලේ කොවිඩ් ආසාදිත ඇඟලුම් සේවිකාවගේ මරණය ගැන හෙළිදරව්වක්

බදුල්ල රිදීමාලියද්ද ප්‍රදේශයේ කොවිඩ්-19 ආසාදිත කාන්තාවක් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිට යළි නිවෙස වෙත එවීමෙන් පසු පසුගියදා ජීවිතක්ෂයට පත්වී තිබුණි.

ඇය මහියංගනය ප්‍රදේශයේ පිහිටා ඇති ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවකි.

මේ අතර එම මරණය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අද (18) කරුණු අනාවරණය කළේය.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ එම රෝගියා ගේ මරණයට සෞඛ්‍ය සේවාවේ දුර්වලතා හේතුවෙන් සිදුවූවක් බවට චෝදනා එල්ල වන බවය.

“ප්‍රතිකාර මධ්‍යස්ථානයේ දින 7කට ආසන්න කාලයක් ගත කරලා මේ කාන්තාව 15 වනදා නිවස කරා යොමුකරලා තියෙනවා. මෙම කාන්තාව 16 වන දින සන්ධ්‍යා භාගයේදී නැවතත් අසනීප වීම නිසා 1990 ගිලන් රථයකින් බදුල්ල රෝහලට පිටත්කර යැවීමට අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙනවා. කෙසේවෙතත් ඒ අතරතුර රෝගය අසාධ්‍ය වූ බැවින් මහියංගනය රෝහලට ගෙනියන බව1990 ගිලන් රථයෙන් ප්‍රකාශකරලා තියෙනවා.

මහියංගනය රෝහලේ පැයක ආසන්න කාලයක් මේ රෝගියා රඳවාගෙන සිටි බව තමයි අපිට වාර්තාවෙන්නේ. කෙසේවෙතත් මේ රෝගියා මියයෑමෙන් පස්සේ, මේ ක්‍රියාවලිය සෞඛ්‍ය සේවාවේ තියෙන යම් යම් අඩුපාඩු නිසා. මේ චෝදනාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට යොමුවෙලා තියෙනවා. මේ ආසාදිතයා දින 10ක කාලසීමාවකින් නිවස කරා යොමුකරද්දි මේ රෝග ලක්ෂණ පිළිබඳව සැලකිල්ලක් දැක්වුයේ නැද්ද කියන කාරණය සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා.“

More from GossipMore posts in Gossip »