බද්දේගම නගරයේ ප්‍රධාන බාලක පාසලක විදුහල්පතිවරයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
විදුහල්පතිවරයා ආසාදිතයෙක් ලෙස හඳුනා ගැනීමත් සමඟ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එම විදුහලට ගොස් විදුහල්පතිවරයාගේ ආශ්රිත ගුරුවරුන් සහ සිසු දරුවන් නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කර ඇත.






