Press "Enter" to skip to content

බ්‍රිතාන්‍ය වෛරසය නිසා රට යළි අවදානමේ බව PHI ලා කියයි

බ්‍රිතාන්‍යයේ පැතිර යන නව කොරෝනා වෛරස් ප්‍රභේදය මෙරට ප්‍රදේශ කිහිපයකින් හඳුනාගැනීමත් සමඟ රට ඉතා අවදානම්කාරී තත්ත්වයකට පත්ව ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවයි.

එම නිසා පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන වහාම සංචරණ සීමා පැනවීමට කටයුතු කළ යුතු බව ද එම සංගමය පෙන්වා දෙයි.

නව වෛරස් ප්‍රභේදයේ හැසිරීම පිළිබඳ නිශ්චිත අදහසකට පැමිණෙනතුරු අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුව ඇතැයි ද ඔවුහු සඳහන් කරති.

මේ අතර රට තුළ කොරෝනා ආසාදිතයන්ගේ වැඩිවීමක් ඇතිවීමට බ්‍රිතාන්‍යයේ පැතිර යන නව වෛරස් ප්‍රභේද මෙරටින් හමුවීම හේතු වී තිබිය හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතාද සඳහන් කර තිබේ.

මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කර ඇත.

නව වෛරස් ප්‍රභේදය සෙසු වෛරස් කාණ්ඩ වලට වඩා 70% කින් සම්ප්‍රේෂණ වීමක් සිදුවන බවද ඒ මහතා පෙන්වා දී තිබේ.

More from GossipMore posts in Gossip »