Press "Enter" to skip to content

නව වයිරසය ආසාදනය වී තිබෙන්නේ සයිප්‍රසය ජෝර්දානය සහ ඩුබායි සිට පැමිණි අයගෙනුයි

මෙරට දී හඳුනා ගනු ලැබූ නව බ්‍රිතාන්‍යය කොවිඩ් වයිරස ප්‍රභේදය ආසාදනය වූ බවට වාර්තා වී ඇත්තේ සයිප්‍රසය, ජෝර්දානය සහ ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණි පුද්ගලයන්ගෙන් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

නව කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් සම්බන්ධයෙන් සහ රටේ ඉදිරි කටයුතු කෙසේ සිදුවිය යුතුද යන්න සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පිහිටුවා ඇති තාක්ෂණික කමිටුව සහ කොවිඩ් මර්දන ක්‍රියාවලිය සම්බන්ධයෙන් පත් කර ඇති ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයට සම්බන්ධ විශේෂඥ තාක්ෂණික කමිටුව විසින් කරුණු සොයා බලා ජනාධිපතිතුමා සමඟ සාකච්ජා කොට තීරණයක් ගන්නා බවත් යුද හමුදාපතිවරයා අවධාරණ්‍ය කළේය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් විසින් සිදුකළ පර්යේෂණයේදී බ්‍රිතාන්‍යයේ සහ යුරෝපයේ ව්‍යාප්ත වෙන මේ කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් 16 දෙනකු මෙරටින් සොයා ගෙන ඇති බවත් ඒ මහතා කියා සිටියේය.
dinamina.lk

More from GossipMore posts in Gossip »