Press "Enter" to skip to content

එන්නත විද්ද සෞඛ්‍ය සේවිකාවටත් හැදිලා

කොවිඩ් එන්නත ලබාගත් ගනේමුල්ල ප්‍රදේශයේ සෞඛ්‍ය සේවිකාවකට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසයි.

මෙම කාන්තාවට කොවිඩ් එන්නත ලබාගෙන සති දෙකක් ඇතුළතදී මෙසේ කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

මේවන විට ඇය ප්‍රතිකාර සඳහා පල්ලේකැලේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ එන්නත ලබාගෙන ඇති පුද්ගලයන්ට ශරීරයේ ප්‍රතිදේහ වර්ධනය වීමට සති හතරක කාලයක් ගත වන බව වෛද්‍ය පර්‌යේෂකයන් සහ විශේෂඥයන් තහවුරු කර ඇති බවයි.

එම නිසා එන්නත ලබාගත්තද එම සති හතරක කාලයේ කොවිඩ් ආසාදනය විය හැකිය. එමෙන්ම එන්නත ලබා ගත්තද වයිරසයෙන් ආරක්ෂා වීමේ සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළ යුතුය.

More from GossipMore posts in Gossip »