Press "Enter" to skip to content

රෝගීන් නිවසේ තබා ප්‍රතිකාර කිරීමට යෝජනා

කොවිඩ් 19 දැඩි වසංගත තත්ත්වයකින් රට මුදා ගැනීම සඳහා කොවිඩ් රෝග පාලනය කිරීම සම්බන්ධව අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ග ඉක්මනින් වෙනස් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා සිළුමිණට පැවසීය.

ඒ උදෙසා මේ වන විටත් තම සංගමය විසින් විශේෂඥ කණ්ඩායම් සමඟ සාකච්ඡා වට 4ක් පවත්වා ඇති බව පැවසූ වෛද්‍ය සොයියා පැවසුවේ විදෙස් රටවල මෙන් රෝගීන් වැඩිවන විට ඊට අනුගතව ක්‍රමවේද වෙනස් කළ යුතු බවයි. ඉදිරි සතියේදී සියලු යෝජනා තාක්ෂණ කමිටුවට ලබා දෙන බවද ඔහු පැවසුවේය.

ඒ අනුව රෝග ලකෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිත රෝගීන් නිවාස හුදකලාවට පත් කිරීම වැනි ක්‍රමවේද අනුගමනය කළ යුතු බවත් සියල්ල නිරෝධායන පනතට අනුව කළ යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.

දැඩි වසංගත තත්ත්වයෙන් වළක්වා ගැනීම සඳහා රෝගීන්ට ප්‍රතිකාර කිරීම පරීක්ෂණ පැවැත්වීම මෙන්ම නිරෝධායන කටයුතු සිදු කිරිම වත්මන් තත්ත්වයට ගැළපෙන ලෙසින් සිදු කළ යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.

මාර්තු මාසයේ රට තුළත් කොවිඩ් රෝගීන් දෙතුන් දෙනෙක් හමු වූ අවස්ථාවේදී අනුගමනය කළ ක්‍රියාමාර්ග රෝගීන් 900ක් 1,000ක් හමුවන තත්ත්වයකදී අනුගමනය කළ නොහැකි බවද ඔහු පෙන්වීය.

More from GossipMore posts in Gossip »