Press "Enter" to skip to content

පූර්ණ ලොක්ඩවුන් කිරීමකට සාකච්චා.. නව ප‍්‍රභේද හමුවීම හා රෝගීන් ඉහල යාම බරපතලයි

නව කොරෝනා ප්‍රභේද හඳුනා ගැනීම සහ ආසාදිතයන් දිනෙන් දින ඉහළ යාම හේතුවෙන රට පූර්ණ වශයෙන් අගුළු දැමීමක් සිදු කරන්නේද යන්න හෙට දිනයේ සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කරයි.

නමුත් මෙතෙක් ඒ පිළිබඳව තීරණය කර නොමැති බවත් හෙට දිනයේ රැස්වන කොරෝනා මර්ධන ජාතික කාර්ය සාධක බලකාය ඒ ගැන තීන්දු කරනු ඇති බවත් එහි සඳහන්ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ද සඳහන් කර ඇත්තේ මෙම තීරණය මෙතෙක් ගෙන නැති බවයි. හෙට දිනයේ පැවැත්වෙන රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවද ඔහු සඳහන් කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ද සඳහන් කර ඇත්තේ පවතින තත්ත්වය පිළිබඳව වසංගත රෝග විද්‍යා අංශය විසින් අධ්‍යනය කරමින් සිටින බවයි.

ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් නිර්දේශ කරනු ඇති බවද ඔහු සඳහන් කර ඇත.

c news

More from GossipMore posts in Gossip »