Press "Enter" to skip to content

ශාන්ති කර්ම කරන මුවාවෙන්, ගිය ගිය තැන්වල තරුණියන් කෙළෙසූ හොර කට්ටඩියෙකු අත්අඩංගුවට

කුමාර හුංගම මුලන ප‍්‍රදේශයේ පදිංචි තරුණයෙකි. පාසල් යන වයසේ සිටම මොහු ගුප්ත විද්‍යාව පිළිබඳ විශේෂ උනන්දුවක් දැක්වූයේය. පැරණි ගුරුකම් ආදිය ඉගෙනීමට විශේෂ කැමැත්තක් දැක්වීය.

පාසල් අධ්‍යාපනයට වඩා කුමාර හැදෑරුවේ යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම්ය. අහල පහල ගම්දනව්වල පැවැත්වෙන තොවිල් ගෙවල් මොහු සොයාගෙන ගියේ පාසල්ද නොගොසින්ය. පාසල් වියේ පටන් බොහෝ අය මොහුව හැඳින්වූයේ කට්ටඩි යන අන්වර්ථ නාමයෙනි. කාලය එලෙස ගෙවී ගියේය.

කුමාර පාසල් අධ්‍යාපනය හමාර කළේය. යහළුවන් විවිධ රැකියා කළ අතර කුමාර කට්ටඩියෙක් ලෙස වැඩ කිරීමට පටන් ගත්තේය. ඒ කලක සිට දන්නා හඳුනන කට්ටඩි මහතකු යටතේය.

වසර ගණනක් කුමාර එම කට්ටඩි මහතා යටතේ වැඩ කටයුතු කළේය. ”දැන් අනුන් යටතේ වැඩ කටයුතු කළා ඇති. මමත් මේ හැම සාත්තරයක්ම අකුරක් නෑර දන්නවා. ඒක නිසා දැන් තනියම වැඩ කරන්න ඕනා.” එලෙස සිතූ කුමාර තම ගුරුන්වහන්සේගෙන් සමුගෙන තනියම ගුරුකම් කිරීමට පටන් ගත්තේය.

ගුරුන් වහන්සේගෙන් වෙන් වී මාස කීපයක් ගතවිය. කුමාර ප‍්‍රදේශය පුරා ජනප‍්‍රිය විය. ඒත් තරුණ කට්ටඩියකු ලෙසන්ය.

‘‘තරුණ කට්ටඩි මහත්තයෙක් ඉන්නවා හුංගම පැත්තේ. ඕන වැඩක් අකුරට කරනවා. ආයෙ ඒ මහත්තයා වැඩක් කළොත් කළාම තමයි. මම දන්න පවුල් කිහිපයක් ඒ කට්ටඩි මහත්තයා නිසා ගොඩ ගිහිල්ලා තියෙනවා.”

‘‘වෙන කට්ටඩියෝ වගේ නොවේ. වැඬේ කරන්න පුළුවන්ද බැරිද කියලා මුලින්ම කියනවා. අසාධාරණ විදියට සල්ලි ගන්නෙත් නැහැ. හරි දක්ෂ කට්ටඩි මහත්තයෙක්.” ප‍්‍රදේශයේ ජනතාව කුමාර ගැන කතා කළේ එලෙසින්ය.

එන්න එන්නම කුමාර ප‍්‍රසිද්ධ කට්ටඩියෙක් බවට පත්විය. ඒ සමඟම ඔහුට රටපුරා තොවිල් ගෙවල් කිරීමට ආරාධනා ලැබුණි. තොවිල් බවිල් හරියට කළත් ඔහුගේ චරිතය නම් පිරිසුදු නොවුණි. යන යන තැන කාන්තාවන් සමග සම්බන්ධකම් දැක්වීමටද මොහු දැක්වූයේ දැඩි රුචි කමකි. ජීවන ගමනේ විසිවැනි සැතපුම අවසන් කිරීමටත් පෙර මොහු තරුණියක් සමග විවාහ විය. එම විවාහයෙන් ඔවුන්ට දරුවන්ද ලැබුණි.

එලෙස විවාහ වී දරුවන් ලැබුණත් කුමාර තරුණියන් සමඟ පැවැත්වූ සම්බන්ධතා අත්හැරියේ නැත. තොවිල් පවිල් කරන අතර මුනගැසෙනා ස්ත‍්‍රීන් සමඟද මොහු අනියම් සම්බන්ධතා පවත්වාගෙන ගියේය. කලක් යද්දී නීත්‍යානුකූල බිරිය කුමාරගෙ එම සම්බන්ධතා සියල්ල දැන ගත්තාය. ඉන් ඇය මහත් දුකට පත් වූවාය. දරුවා නිසා සියල්ල ඉවසුවාය. අවසානයේ ඇය දන්නා සෑම අයුරින්ම කුමාරට පැවසුවේ එම සම්බන්ධතා දරුවා නිසාවත් නවත්වා දමන ලෙසයි. එහෙත් කුමාර එය සත පහකටවත් ගණන් ගත්තේ නැත.

සුපුරුදු ලෙස ඔහු කාන්තාවන් ඇසුරු කළේය. එහි අවසන් ප‍්‍රතිඵලය වූයේ බිරිඳ ඔහුගෙන් වෙන් වීමයි. නීත්‍යනුකූලව කුමාරගෙන් වෙන් වූ ඇය මින්නේරියේ තම ගමට ගොස් දරුවා සමඟ ජීවත් වූවාය.

බිරිඳගෙන් සහ දරුවාගෙන් වෙන්වූ පසු කුමාර යළි ගත කළේ සල්ලාල ජීවිතයකි. ඒ අතර කුමාර යක්කල සහ කලගෙඩිහේන ප‍්‍රදේශයේ තරුණියන් දෙදෙනකු සමග අනියම් සම්බන්ධතාවන් පවත්වාගෙන ගියේය. කලගෙඩිහේන ප‍්‍රදේශයේ ජීවත් වූ තරුණිය උපාධිධාරිනියක් වන අතර එක් දරු මවකි.

හංවැල්ල ප‍්‍රදේශයේ එක්තරා නිවසක තොවිලයක් කිරීම සඳහා කුමාරට ආරාධනාවක් ලැබුණි. ඒ දැනට මාස කිහිපයකට පමණ පෙරයි. ඒ අනුව තොවිලය කිරීම සඳහා අවශ්‍ය දෑ රැගෙන කුමාර එම නිවෙසට ගියේය.

අතුල එම නිවසට යාබදව ජීවත් වූ පුද්ගලයෙකි. එක්දරු පියකු වන ඔහු බිරිඳගෙන් දික්කසාද වී තනියම ජීවත් විය. දික්කසාද වූ ඔහුගේ බිරිඳ ජීවත් වූයේ කන්තලේ ප‍්‍රදේශයේය. ඒ තම එකම දියණිය සමඟය. වයස අවුරුදු පහළොවක් වන ඇය නමින් වාසනාය.

කොරෝනා වසංගතයත් සමග ලැබුණු දීර්ඝ පාසල් නිවාඩුව නිසා ඇය තම පියාගේ නිවස වෙත පැමිණියාය. එලෙස පැමිණි ඇය මාස කීපයක් තම පියා සමග ජීවත් වූවාය. කුමාර තොවිලය පැවැත්වීම සඳහා යාබද නිවසට පැමිණෙන්නේ මේ කාල වකවානුව තුළයි.

තොවිලය පැවැත්වීම සඳහා පැමිණි කුමාර යාබද නිවසේ සිටි වාසනාව දුටුවේය. ඒ දුටු පළමු මොහොතේම ඇය ගැන ආදරයක් ඔහුට ඇති විය.

‘‘කවදාවත් දැකලා නෑ මෙහෙම ලස්සන කෙල්ලෙක්. කිසිම අඩු පාඩුවක් නෑ. හරිම සිරියාවන්තයි. පුංචි සුරංගනාවියක් වගේ. ඇයව මගේ කරගන්න ඇත්නම් කොච්චර නම් හොඳද. කොහොමහරි තොවිලය ඉවර වෙන්න ඉස්සෙල්ලා ඇය සමඟ යාළු වෙන්න ඕනා.” කුමාර එලෙස සිතුවේය.

තරුණියන්ට රැවටීමට කුමාරට තිබුණේ පුදුම හැකියාවකි. ඒ හැකියාව ප‍්‍රයෝජනයට ගත් කුමාර පැය කීපයක් යන්නට මත්තෙන් වාසනා සමග ලෙන්ගතුකමක් ඇතිකර ගත්තේය. ඒ ඇයගේ පියාට මෙන්ම අන් අයටද හොර රහසේය.

‘‘ඔයා දැක්ක වෙලාවේ මට හිතුනා ඔයා හරි වාසනාවන්තයි කියල. ඒක මූනෙන්ම පේනවා ඔයාගේ. මයෙත් එක්ක හිටියොත් මාසයක් යන්න ඉස්සෙල්ලා ඔයාගේ ජීවිතය වෙනස් කරලා දෙනවා.”

‘‘මේ මූණ දැක්ක ගමන් කියන්න පුළුවන් ඔයාට අංජනම් එළි බලන්න පුළුවන් වේවි. ඔයාගේ අම්මගේ තාත්තගේ විරසකය නැති කරලා ඒ දෙන්නව යළි එකතු කරල දෙන්න මට පුළුවන්. ඒ වගේම ඔයාගේ ජීවිතයට වාසනාව පාදලා දෙන්නේ කොහොමද කියලා මට කියා දෙන්නත් පුළුවන්.”

එවැනි නානාප‍්‍රකාර දෑ පවසමින් කුමාර එම ළාබාල තරුණිය සමඟ පෙම් සම්බන්ධතාවක් ගොඩ නඟා ගත්හ. තොවිලය අවසන් කර තවත් දින දෙක තුනක් ඔහු එම නිවසේ රැඳී සිටියේය. ඒ වාසනා නිසාය. ඒ දින කිහිපය තුළ වාසනා සමඟ කුමාර ලිංගිකව එකතු විය. ඒ අනුව ඇය කුමාර අතින් ගැහැනියක් බවට පත් වූවාය. හංවැල්ලේ එම නිවසින් යා යුතු දිනය උදා විය. එහෙත් කුමාර ගියේ සිතකින් නොවේ. සිත ඇය ළඟ තබා ගතින් ඔහු වෙන් විය. කුමාර ගොස් දින කිහිපයකට පසු වාසනා ද කන්තලේ තම මවගේ නිවස වෙත පැමිණියාය.

දැන් කුමාරගෙ එකම සිහිනය වාසනා පමණි. විනාඩියෙන් විනාඩියට පමණ ඇයගේ සුව දුක් සොයා බලන ඔහු ඇයට පැවසුවේ ”තමාගේ එකම ලෝකය ඇය බවයි”.

මාස තුනක් පමණ එලෙස ගත විය. ඒ අතර විටින් විට ඔවුහු මුණගැසී නිදහසේ පෙම් සුව සහ කම්සැප වින්දහ.

දිනක් වාසනා කුමාරට ”මගේ ඇඟටත් පණ නැහැ. සමහර කෑම කන්නත් බෑ අප්පිරියයි. දවස් දෙක තුනක් වමනෙත් ගියා. මට හරි බයයි. මං පෙග්නට් වෙලාද දන්නේ නෑ.” පැවසුවාය.

‘‘ඔයා කිසි දෙයකට බය වෙන්න එපා. මම ඔයාව අතෑරලා යන්නේ නැහැ. ඒක නිසා ඉක්මනට ඔයා එන්න මාව මුණගැහෙන්න. මම සේරම බලා ගන්නම්.” පිළිතුරු වශයෙන් කුමාර එලෙස පැවසුවේය.

දිනයක් යොදා ගත් දෙදෙනා අතරමගදී මුණ ගැසුනහ. එලෙස මුණගැසී මුත‍්‍රා පරීක්ෂණයක් සිදු කළේය. එහිදී හෙළි වූයේ වාසනා ගැබිනියක බවයි. කුමාර එය දැනගත් පසු බියට පත්විය. ඒ වාසනා ළාබාල තරුණියක් නිසාය. ඒ අනුව බියට පත්වූ ඔහු එම තරුණිය රැගෙන පලා ගියේය. එලෙස පලා ගිය ඔහු ඇය සමඟ දන්නා කියන නිවෙස්වල දින කිහිපයක් නතර වූහ.

දියණියගේ අතුරුදන්වීම ගැන දැන ගත් මව සූරියපුර පොලිසියේ ඒ පිළිබඳව පිළිබඳව පැමිණිල්ලක් දැමුවාය. පැමිණිල්ලට අනුව ක‍්‍රියාත්මක වූ පොලිස් නිලධාරීහු පරීක්ෂණ පැවැත්වූහ. එහිදී ඔවුනට දැනගන්නට ලැබුණේ කිසියම් තරුණයකු විසින් ඇය රවටා ගෙන ගොස් ඇති බවයි. පසුව සැකකරුගේ ජංගම දුරකථන අංකය සොයාගත් පොලිස නිලධාරීහු ඒ ඔස්සේ විමර්ශන සිදු කළහ. එහෙත් සැකකාර තරුණයා සහ පැන ගිය තරුණිය ගැන කිසිදු තොරතුරක් සොයා ගැනීමට ඔවුනට නොහැකි විය. පසුව මේ සිද්ධිය සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන් දැනුවත් කළේය. ඒ අනුව පොලිස් මූලස්ථානය මෙම සැකකාර කට්ටඩියා දුටු තැන අත්අඩංගුවට ගැනීමට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා නිවේදන නිකුත් කළේය. ඒ ඔහුගේ පින්තූරයක්ද සමඟින්ය. එලෙස මාධ්‍ය නිවේදනය නිකුත් වීමත් සමග සැකකාර කට්ටඩියා තවත් බියට පත්විය. ඔහු නැවතී සිටි නිවසේ උදවියද ඒ බව දැන ගත්තේය. ඔවුන් බියට පත්වී පැවසුවේ ”වහාම එම නිවසින් පිටවන ලෙසයි.”

සැකකාර කට්ටඩියාට යන එන මං නැති විය. දන්නා හඳුනන නිවෙස් කිහිපයකට ඔහු එම දැරිය සමඟ ගියේය. එහෙත් ඒ කිසිම තැනකින් ඔහුට නවාතැන් හිමි නොවීය. අවසානයේ හාලිඇල ප‍්‍රදේශයේ නිවසක මොහු නතර විය. එහිදී ඔහු එම නිවැසියන්ට පැවසුවේ ”වයස විසි එකක් වන මෙම තරුණිය තමන්ගේ බිරිඳ බවයි.”

More from GossipMore posts in Gossip »