Press "Enter" to skip to content

මම මීමුරේ ට එනවා කියලා කිව්වාම සමාජ මාධ්‍යයේ දානවා පරිසරය විනාශ කරන්න එනවා කියලා – ජනපති

“ගම සමග පිළිසඳරක්” වැඩසටහන සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රචාරය වූ පුවත් සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද අදහස් ප්‍රකාශ කර සිටියා.

“මම මීමුරේ ට එනවා කියලා කිව්වාම සමාජ ජාල මාධ්‍යවල දාලා තිබුණා මේ පරිසරය විනාශ කරන්න එනවා කියලා. ඒක වැරැදියි. මේ ගම ලස්සන පෞරාණික ගමක්. ගම ලස්සන වගේම ගමේ ජනතාවත් ලස්සන වෙන්න ඕනේ. මම ගමට එන්නේ ගමේ මෙන්ම එහි ජනතාවගේ සංවර්ධනය උදෙසා ව්‍යාපෘති දියත් කිරීමටයි. සමාජ මාධ්‍ය ජාලාවල වැරදි ගෙනියනවා” යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර මීමුරේ ගම්මානය කේන්ද්‍ර කර ගනිමින් පැවති වැඩසටහනේදී.