Press "Enter" to skip to content

නිරෝධායන වන නිවසේ සිටි තරුණියකට අයුතු බලපෑම් කළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට

තලාතුඔය පොලිස් වසමෙි කොරොනා වෛරසය හේතුවෙන් නිරෝධායනය කර ඇති නිවසක සිටි තරුණියකට අයුතු බලපෑම් සිදු කල බව කියන වයස 53 හැවිරිදි පොලිස් නිලධාරියකුගේ සේවය වහාම අත්හිටුවිමට මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ විසින් කටයුතු කර තිබෙනවා.

සේවය අත්හිටුවිමට අමතරව අදාල පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව නිතිමය කටයුතු සිදු කරන බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ ප්‍රකාශ කලේ. ජ්‍යෙෂඨ පොලිස් අධිකාරිවරයා සදහන් කලේ සිද්ධිය පිලිබදව ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරිවරයාගේ මෙහෙයවිමෙන් පරීක්ෂණයක් ද සිදු කල බවයි.

තලාතුඔය පොලිස් වසමෙි කොරෝනා පිලිබදව සොයා බැලිම සදහා පත් කර ඇති මැදිවයසේ පසුවන මෙම පොලිස් නිලධාරියා විසින් නිරෝධායන කර ඇති නිවස් පරික්ෂා කිරිම සදහා යැයි පවසමින් ගොස් නිවසේ සිටි තරුණියකට අයුතු බලපෑම් කර ඇති බවයි. පසුව එම තරුණිය විසින් තම ඥාතින්ට මෙි බව දැන්විමෙන් පසුව ඥාතින් විසින් උසස් පොලිස් නිලධාරින් දැනුවත් කිරිමෙන් පසුව වහාම ක්‍රියාත්මක වී මෙම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන විනය ක්‍රියාමාර්ග ගෙන ඇත.

More from GossipMore posts in Gossip »