Press "Enter" to skip to content

හෙට මීමුරේ පිළිසඳරේදී වනය වනසන යෝජනා දෙකක්?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් මහනුවර දිස්ත‍්‍රික්කයේ මීමුරේ ගම්මානයේදී හෙට (13දා) පැවැත්වීමට නියමිත මීළඟ ‘ගම සමග පිළිසඳරක් ’ වැඩසටහනේදී මීමුරේ ගම්මානයේ සිට ලෝක උරුම නකල්ස් (දුම්බර) වනාන්තරය මැදින් මාතලේ, ලග්ගල, පල්ලේගම දක්වා කිලෝමීටර් 8 ක මහා මාර්ගයක් තැනීමට හා අක්කර 90 ක වාරිමාර්ග රක්ෂිත වනාන්තරයක් කපා කුඹුරු බවට පත්කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වීමට නියමිත බව පරිසරවේදීහු පවසති.

වනය විනාශ කරන මෙම යෝජනා දෙක මීමුරේ ගම්මානය නියෝජනය කරන ප‍්‍රාදේශීය දේශපාලකයකුගේ හා හිටපු පරිපාලන නිලධාරියකුගේ අදහසක් අනුව ඉදිරිපත් කිරීමට නියමිත බවද, යෝජනාව ඉදිරිපත් කිරීම සඳහා දැනටමත් දෙදෙනකු නම් කර ඇතැයිද ඔවුහු කියා සිටිති. මෙම තීන්දු දෙක පැහැදිලිවම දැව හෙළීම අරමුණු කරගනිමින් ඉදිරිපත් වන යෝජනා දෙකක් බව පරසරවේදීන්ගේ අදහසයි.
diwaina

More from GossipMore posts in Gossip »