Press "Enter" to skip to content

තවත් ඇගලුම් කම්හලක 19කට කොරෝනා

දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයට අයත් කටුවැල්ලේගම පිහිටි ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 19 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට අද (12) හඳුනාගෙන ඇතැයි දිවුලපිටිය සහ කටාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඒ.යූ.ටී.කුලතිලක මහතා පැවසීය.

එම ආසාධිතයන් 19 දෙනාගේ ආශ්‍රිතයන් 80 දෙනෙකු නිවෙස් තුලම නිරෝධායනයට යොමු කළ බව ද කුලතිලක මහතා කීය.

එම කර්මාන්ත ශාලාවේ සේවය කරන තවත් සේවක සේවිකාවන් පිරිසක් සහ ආසාධිතයන් 19 දෙනාගේ ආශ්‍රිතයන් පිරිසක් පී.සී ආර් පරීක්ෂණයට යොමු කළ බව පැවසු ඒ මහතා එම පරීක්ෂණවල ප්‍රතිඵල අනුව කටුවැල්ලේගම පිහිටි එම කර්මාන්තශාලාව තුලින් තවත් ආසාදිතයන් හමුවිය හැකි බවද වැඩිදුරටත් සඳහන් කළේය.

ඉකුත් ඔක්තෝබර් 03 වෙනිදා සිට අද (12) දක්වා කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොවිඩ්- 19 ආසාදිතයන් 369 දෙනෙකු සහ දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොවිඩ් ආසාදිතයන් 641දෙනෙකු හඳුනාගෙන ඇතැයි හෙතෙම වැඩිදුරටත් පැවසීය.

More from GossipMore posts in Gossip »