16 හැවිරිදි බාලවයස්කාර පාසල් දැරියක් ලැගුම් හලකට රැුගෙන ගොස් අයුතු ලිංගික හැසිරීම්වල නිරත වීමට උත්සාහ කළ 34 හැවිරිදි විවාහක පුද්ගලයකු සහ ඔහුට ලැගුම්හල ලබාදුන් 64 හැවිරිදි ලැගුම්හල් කළමනාකරු පෙරේදා (08 දා* දහවල් අත්අඩංගුවට ගත් බව කොටවිල පොලිසිය පැවසීය.
කොටවිල පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරු සහ බාලවයස්කාර දැරිය ලැගුම්හල තුළදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
16 හැවිරිදි බාලවයස්කාර දැරිය උදෑසන පාසලට බසයෙන් පැමිණෙමින් සිටියදී සැකකරු විසින් දැරිය මාතර ගොඩගම ප්‍රදේශයේදී බසයෙන් බස්සවා සැකකරුගේ ත්‍රිරෝද රථයෙන් ලැගුම්හල වෙත රැුගෙන ගොස් ඇත.
සැකකරු දෙදරු පියෙකු බවත්, ත්‍රිරෝද රැුකියාවේ නිරත වන අයකු බවත් සිදුකළ විමර්ශනයන්හිදී අනාවරණය වූ බව කොටවිල පොලිසිය පැවසීය.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව උපත් පාලන කොපු කිහිපයක්ද තිබී සොයා ගන් බව පොලිසිය පැවසීය. බාලවයස්කාර දැරිය වෛද්‍ය පරීක්ෂණයන් සඳහා මාතර මහ රෝහල වෙත යොමුකර ඇත. සැකකරු සහ ලැගුම්හල් කළමනාකරු ඊයේ (09 දා* අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.
කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී මහේෂ් පෙරේරා මහතාගේ අධීක්ෂණයෙන් කොටවිල පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. ආර්.සී. හෙට්ටිආරච්චි මහතාගේ මෙහෙය වීමෙන් උ.පො.ප. වරුන් වන රංජිත්, අමරසිංහ, සුනිල්, පො.සැ. (56095* ටියුරින්, පො.කො. (49771* නීල්, කා.පො.කො. (10095* සොනාලි යන නිලධාරීහු විසින් වැටලීම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.






