සේවකයින් 2300ක් සේවයේ නියුතු බදුල්ල, රිදීමාලියද්ද ගැමුණුපුර ඇඟලුම් ආයතනයෙන් තවත් ආසාදිතයින් 202දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.
බදුල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ පාලනය කළ නොහැකි ආකාරයෙන් දිස්ත්‍රික්කය තුළ කොවිඩ් වසංගත පැතිර යාමේ දැඩි අවදානමක් මතුව ඇති බවය.
ඒ අනුව මේ දක්වා එම ඇඟලුම් කම්හලින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් ගණන 597කි.
මීට අමතරව එම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ලෙස පවුල්වල සාමාජිකයින් 16දෙනෙකුත් දැනට හඳුනාගෙන තිබේ.
ඒ අතර මහියංගනය ඇඟලුම් කම්හලින් මේ දක්වා හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් ගණන 115 දක්වා ඉහළ ගොස් තිබේ.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.
“බදුලල් දිස්ත්‍රික්කය තුළ රෝගය සමාජගතවීමේ ලකුණු අපට පෙනෙන්ට තියෙනවා. මොනතරම් දත්ත සැඟවූවත් අපිට කියන්නට තියෙන්නේ සෞඛ්‍ය ධාරිතාවය උපරිමයට ළංවෙලා තියෙනවා. සෞඛ්‍ය සේවකයින් මේකට ගොඳුරු වෙමින් සිටිනවා. මේකට වහාම ප්‍රතිකාර නොකළහොත් අපිට සිද්ධවෙනවා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයෙන් යම්කිසි ක්‍රියාමාර්ගයකට යන්න.“






