Press "Enter" to skip to content

තමන්ගේම දියණියටත් හදි කරන්න ගිය,.. විකෘති කාමාශාවන්ගෙන් යුක්ත වූ සැමියෙක්ව, අන්තිම නින්දට යැවූ මවකගේ පාපොච්ඡාරණය

පියාගේ ආරාධනයෙන් නිවසට පැමිණි මිතුරන් හා එක්ව පියා පැවැත්වූ මත් වතුර සාදය අවසන් වන විට වේලාව රාත්‍රී දහය පසුවී තිබුණා.

ඒ වන විට පියා සිටියේ තමන් කරන්නේ කියන්නේ මොනවා දැයි කියා වත් නොතේරෙන තරම් වෙරි මතින්. මත්වතුර පමණක් නොව මෙලොව තිඛෙන මත් විය හැකි සෑම වර්ගයක්ම පාවිච්චි කිරීමට තරම් මතට හුරුවී සිටි ඔහුට මත් වූ සමහර අවස්ථාවලදී උන්හිටි තැන් පවා අමතකව යනවා.

එදින සාදය අවසන් වීමෙන් පසු මවත් දියණියත් ඇඟ පත සෝදාගෙන නිදා ගැනීමට කාමරයට ගිය අතර මිතුරන් පිටව ගියේ වෙරි වූ සැමියා ඔහුගේ කාමරයට දැමීමෙන් පසුවයි.

මවත් දියණියත් නින්දට වැටෙද්දි එම සුපුරුදු පරිදි කාමරය අසළට ආ සැමියා දොරට තට්ටු කරන්නට වුනා’ ඒ බිරිය සිය කාමරයට කැඳවාගෙන යාමටයි.

මේ කිසිවක් දියණියට දැණුනේ නැහැ’ ඇය ඒ වන විටත් තද නින්දේ සිටි නිසායි.

මධ්‍යම රාත්‍රීයට ආසන්න වෙද්දි ඇය එකවරම නින්දෙන් පිබිදුනේ නාසයට දැණුන කර ගඳත් සමඟයි’ ඇය ඇහැරෙද්දි මව නින්දේ සිටියා’

අම්මේ මොකද්ද පිච්චෙන ගඳක් එනවා නැගිටින්නකෝ..

දියණියගේ වදන් ඇසූ අම්මා නින්දෙන් පිබිදුණා’ දෙදෙනා දුටුවේ පියා සිටින කාමරයෙන් දුමක් පිටවන බවයි’ වහා බලද්දි පියාගේ ඇඳ ගිනි ගනිමින් පවතින අයුරු ඔවුන් දුටුවා’ පියාගේ හැල හොල්මනක් ද නැහැ’ මේ දෙදෙනා අසල්වාසීන්ගෙන් උදව් ඉල්ලා සිටියා.

වහා ගින්න නිවා දැමුවත් ඒ වන විටත් පියා මිය ගොස් සිටි බව ඔවුන්ට දැකගත හැකි වුනා’ ඒ අනුවයි” විමර්ශන නිලධාරින් පිරිසක් මේ ස්ථානයට ළඟ වූයේ’

මොකද්ද වුණේ”?˜‍

විමර්ශන කණ්ඩායම එරංගගේ බිරියගේ අසද්දි ඇය තමා අත් දුටු සිද්ධිය පවසන්නට වුණා’

දුවට තමයි මුලින්ම පිච්චෙන ගඳ ආවේ’ මට හොඳටම නින්ද ගිහිල්ලයි හිටියේ’ කාමරයට ගිහින් බලද්දි ඇඳ ගිනි ගන්නවා

එයා රෑ නින්දට ගියේ හොඳටම බීලා’ බිව්වට පස්සේ කරන්නේ කියන්නේ මොනවද කියලවත් මතකයක් නෑ’ හරියට සිගරටුත් බොනවා’ ඇඳට ගිහිල්ලත් සිගරට් පත්තු කරගන්නවා’ මම හිතන්නේ ඇඳේ හාන්සි වෙලා සිගරට් එකක් පත්තු කරගෙන ගිනි කූර ඇඳටම විසි කරගන්න ඇති’ ඒකෙන් තමයි ගින්න ඇවිලෙන්න ඇත්තේ” මොකද පිට කාටවත් ඇතුළුට එන්න විදියක් නෑ’ යාළුවෝ ගියාට පස්සේ මමමයි දොරවල් වැහුවේ”

ඇය එසේ කීවත් බැලු බැල්මට මෙය ˜‍ගිනි තැබීමක්˜‍ බව පෙනෙන්නට වුණා’

මෙම ගින්න පැතිර ඇත්තේ ඇඳේ සිට නොව ඇඳ දෙසටයි’ එනම් කවුරුන් හෝ ඇඳට ගිනි තබා තිඛෙනවා’

මාතනයක් බවට සැක පහළ වුවත් ඒ බවක් නොඅඟවා පොලිසිය විමර්ශනවල යෙදුණා’

මරණ පරීක්ෂණයේදී හෙළී වූයේ ගෙළට තියුනු පිහි පහර එකොළහක් එල්ල කොට ඇති බවයි’

මෙලෙස මියගොස් තිබුණේ රත්දොලූ‍ගම නිවාස සංකීර්ණයේ පදිංචි සංචාරක ව්‍යාපාරය ජීවනෝපාය කරගෙන සිටි එරංග නම් වූ තිස්අට හැවිරිදි එක්දරු පියෙක්’

ඒ අනුව මෙය මනුෂ්‍ය ඝාතනයක් බව තහවුරු වූ අතර සැක පිට බිරිය අත්අඩංගුවට ගැණුනා’ ප්‍රශ්න කිරීමේදී ඇය සියල්ල හෙළි කළා’

එරංග යනු සංචාරක කර්මාන්තයේ යෙදී සිටි අයෙක්’ කොරෝනා සමයත් සමඟ ඔහුගේ වෘත්තියට කණ කොකා හ~න්නට වුණා’ මොහු රද්දොලූ‍ගම නිවාස සංකීර්ණයේ තිබූ රෙස්ටෝටරන්ට් එකක් කුලියට ගත්තේ මීට මාස කිහිපයකට පෙර යි’

එහි වැඩ මොහු අතින් සිදු කෙරුණේ බිරියගේ ද සහය ඇතුවයි’ දෙදෙනාට එක් දිය‚යක් සිටි අතර මීට වසර කිහිපයකට පෙර මේ යුවළ නීතියෙන් දික්කසාද වී තිබුණේ සැමියාගේ හැසිරීම් රටාව නිසායි’ එනම් දැඩි ලෙස ලිංගික ක්‍රියාවලියට ඇබ්බැහි වී සිටි මොහුගේ හැසිරීම් රටාව බිරියට මහත් හිසරදයක් වී තිබුණා’ දික්කසාද වූ ඇය ඔහුගේ නිවසින් පිටව යන්නේ දිය‚ය ද ඔහුට භාර දීමෙන් අනතුරුවයි’

ටික දිනක් ගත වෙද්දි ඇය හමුවට යන එරංග යළි පවුල් ජීවිතය අරඹන්නට ඇයට ආරාධනා කළා’

ඊට එකඟ වන ඇය යළිත් ඔහු සමඟ නීතියෙන් විවාහ වන්නේ දරුවා ගැන සිතමිනුයි’ එහෙත් අධික ලෙස බීමට ඇබ්බැහි වී සිටි මොහුට ඊටම ගැළපෙන මිතුරන් පිරිසක් ද සිටියා’

ක්ලබ් ගානේ බීච් ගානේ බේබදු ජීවිතයක් ගත කළ මොහුට වෙරි වූ ඇතැම් අවස්ථාවල දිය‚ය කෙරෙහි ද රාගීක හැඟීම් ඇති වී තිබුණා’ දිය‚යට නොතේරුණත් මව ඒ ගැන තේරුම් ගෙන තිබුණා’

දෙවන වර දීග ඒමෙන් අනතුරුව ඇය කරදරවලට යළිත් මුහුණ දෙන්නට වුණා’

‍මම හිතාගත්තා මේ මිනිහව ඉවරයක් කරලා දාන්න ඕන නැත්තම් මගේ දුවවත් බේරගන්න බැරිවෙයි කියලා”˜‍

‍එදා පාටිය ඉවර වෙලා මමයි දුවයි නිදාගන්න කාමරේට ගිහින් ටික වෙලාවකින් මෙයා ඇවිත් දොරට ගහලා මට කතා කරා’ මම කාමරෙන් එළියට ආවම මගේ කරට අත දාගෙන මාව එයාගේ කාමරයට එක්කගෙන ගියා’ ඒ යන අතරේ රෙස්ටුරන්ට් එකේ වැඩ වලට අලූ‍තින් ගෙනා පිහිය කුස්සියේ කබඩ් එක උඩ තිබිලා මම අතට ගත්තා”’˜‍

එයාට සාමාන්‍යයෙන් ඔලූ‍ව අතගාද්දි නින්ද යනවා’ එයා මගේ ඇඟ උඩට ආව ගමන් මම එයාගේ ඔලූ‍ව අතගාන්න පටන් ගත්තා’ ඒ එක්කම එයාට නින්ද ගියා”˜‍

මම එයාව අනිත් පැත්තට පෙරළලා ඛෙල්ලට පිහියෙන් ඇනගෙන ඇනගෙන ගියා” එකාගේ ඛෙල්ලෙන් ලේ එන්න පටන් ගත්තා’ ඒක දැකලා මට ගොඩක් බය හිතුණා’ වැඩ වගයකට ගෙනාපු පෙට්‍රල් වගයක් ගෙදර තිබුණා’ මම ඒක අරන් එයාගේ ඇඟට හලලා ගිනි තියලා දොරත් වහගෙන දුව ඉන්න කාමරේට ගිහින් ඇඳේ ඇලවුණා’ පිච්චෙන ගඳ දැනිලා දුව එකපාරම ඇහැ ඇරිලා කතා කරද්දිම මම මොනවත් දන්නේ නැති ගාණට හැසිරුණා”˜‍

කෙසේ වෙතත්” අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇය රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා’

තක්ෂිලා ජයසේකර විසින් ˜‍මාංචු˜‍ පුවත්පතට ලියූ ලිපියක් ඇසුරිනි’

More from GossipMore posts in Gossip »