Press "Enter" to skip to content

රට තුළ සංසරණය වන කොරෝනා වෛරස් ප්‍රභේදය ගැන අනාවරණයක්

රට තුළ දැනට සංසරණය වන්නේ කොරෝනා වෛරසයේ එකම ප්‍රභේදය බවට මේ වනවිට ලැබී ඇති දත්තවලින් තහවුරු වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය පවසයි.

ඔවුන් විසින් සිදුකළ “ජානමය පරීක්ෂණ” වලින් ඒ බව හඳුනාගත් බව ඇය පැවසුවාය.

“දෙවැනි රැල්ල පටන්ගත්තු වෛරස් ප්‍රභේදය තමයි ලංකාවේ සෑම තැනම පැතිරගොස් තියෙන්නේ. අපි ජානමය පරික්ෂාවකට ලක්කළා මාතලේ, වවුනියාව, ගම්පහ, අවිස්සාවේල්ල, ඉංගිරිය කළුතර මේ සෑම තැනකම තියෙන්නේ මේ වෛරස් ප්‍රභේදය. දැනට තියෙන දත්තවලින් අපිට එය ඔප්පු වෙලා තියෙන්නේ. ලංකාවේ තිබෙන ප්‍රභේදය භයානක ප්‍රභේදයක් නොවේ.

දකුණු අප්‍රිකාවේ ප්‍රභේදයක් තියෙනවා, අමෙරිකාවේ ප්‍රභේදයක් තියෙනවා. ඒ වගේ ප්‍රභේද ටිකක් භායානක ප්‍රභේද. ඒවා පැතිරියාමේ හැකියාව තියෙනවා. අපේ විශ්වවිද්‍යාලයෙන් දිගටම මේ ජානමය පරීක්ෂණ කරනවා. පිටරටවල්වලින් භායනක ප්‍රභේද ලංකාවට ඇතුළු වෙනවාද එසේ නැතිනම් ලංකාවෙන්ම භයානක ප්‍රභේද ඉදිරියේදී ඇතිවෙන්නත් පුළුවන්නේ. එවැනි ප්‍රභේද ඇතිවෙනවාද බලන්න දිගටම පර්යේෂණ කටයුතු කරගෙන යනවා. ලෝකයේ තියෙන එන්නත් සියයට සියයක් සාර්ථකයි කියලා කොහෙවත් කියලා නැහැ.“

More from GossipMore posts in Gossip »