Press "Enter" to skip to content

”කොවිඩ්-19 රෝගීන් අඩුවීම දෛනික පී.සී.ආර්. සංඛ්‍යාව අඩුවීම නිසා සිදුවූවක් ” – වෛද්‍ය හරිත අලුත්ගේ

මෑතකාලීනව කොවිඩ්-19 රෝගීන් 700 ගණනක් වාර්තා වීම සිදු වී ඇත්තේ දෛනිකව සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව සාපේක්ෂව අඩු වීම නිසා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

සංසන්දනාත්මකව බැලූ විට කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව දෛනිකව සිදු කරනු ලබන පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව අනුව තීරණය වන බව ඒ මහතා සඳහන් කරයි.

රෝගීන් 800 ගණනක් වාර්තා වන්නේ පී.සී.ආර්. පරීක්ෂණ 16,000 – 17,000ක් පමණ සිදු කළ දිනවලදී වන අතර රෝගීන් 700 ගණනක් වාර්තා වන්නේ පී.සී.ආර්. 12,000ක් පමණ සිදු කරන දිනවලදී බව වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.

තව ද ඔහු මෙසේ ද පැවසීය.

“බැලූ බැල්මට පේනවා මේ රෝගී අඩුවේ ඇත්ත අඩුවක් නෙමෙයි තියෙන්නේ පී.සී.ආර්. ප්‍රමාණය අඩු කිරීම, අඩු වීම හරහා තමයි රෝගීන් ගණන අඩුවෙලා තියෙන්නේ. ඒ නිසා කිසිසේත්ම රෝගීන් 800, 700 වුණා කියල අපට සැනසුම් සුසුම් හෙළන්න බැරි තත්ත්වයක් තියෙන්නේ.

අපි පී.සී.ආර්. කරන ගාණත් එක්ක පොසිටිව් රේට් එක හැමතිස්සෙම පී.සී.ආර්. කළ සංඛ්‍යාවට සාපේක්ෂව 5%කට එහා පැත්තට ගමන් කරනවා සමහර දවසට 6%ට වැඩියි.

මේ තියන භයානක තත්ත්වය තේරුම් අරගෙන වැඩ කළේ නැත්නම් අපට 2020ට සාපේක්ෂව 2021 අවුරුද්ද වඩා සුබදායී සැලසුම්සහගත එකක් බවට පත් කරගන්න අපට තියන අධිෂ්ඨානය, අධිෂ්ඨානයක් විතරක්ම බවට පත්වෙන්න ඉඩ තියෙනවා අපි ඒ සම්බන්ධයෙන් හරියට ක්‍රියාත්මක වුණේ නැත්නම්.”

More from GossipMore posts in Gossip »