Press "Enter" to skip to content

දකුණු අප්‍රිකාව Oxford-AstraZeneca එන්නත ලබා දීම හදිසියේ අත්හිටුවයි

Oxford-AstraZeneca එන්නත ලබා දීම අත්හිටුවීමට දකුණු අප්‍රිකාව තීරණය කර තිබේ.

එරට රජය මෙම තීරණය ගෙන ඇත්තේ, එම එන්නත දකුණු අප්‍රිකාවෙන් හමුවූ B.1.351 නමැති නව වෛරස් ප්‍රභේදය හමුවේ පෙන්වා ඇති ප්‍රතිඵල අවම මට්ටමක පැවතීම හේතුවෙනි.

දකුණු අප්‍රිකාව Oxford-AstraZeneca එන්නතේ මාත්‍රා මිලියනයක් ගෙන්වාගෙන තිබේ. ඔවුන් තීරණය කර තිබුණේ, පෙබරවාරි මැද සිට සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට එන්නත ලබා දීමටය.

මෙම එන්නත සම්බන්ධයෙන් කළ අධ්‍යයනයකදී හෙළි වී ඇත්තේ, එහි ප්‍රතිඵල අවම මට්ටමක පවතින බවය.

මේ අනුව ඇස්ට්‍රා සෙනෙකා -ඔක්ස්ෆර්ඩ් එන්නත වෙනුවට , Johnson & Johnson සහ Pfizer සමාගම් නිෂ්පාදනය කළ කොරෝනා එන්නත් සෞඛ්‍ය සේවකයන්ට ලබා දීමට දකුණු අප්‍රිකාව තීරණය කර තිබේ.

Oxford-AstraZeneca එන්නත බ්‍රිතාන්‍යයේ නිෂ්පාදනය කරන අතර එහි ඉන්දීය නිෂ්පාදනය කොවිෂීල්ඩ් යනුවෙන් හැඳින්වේ.

More from GossipMore posts in Gossip »