Press "Enter" to skip to content

2019 දී බඳවා ගත් අභ්‍යාසලාභී උපාධිධාරීහු අද සිට රාජ්‍ය සේවයට

2019 වසරේ බඳවා ගන්නා ලද අභ්‍යාසලාභී උපාධිධාරීන් සියලූ දෙනා අද (8 දා) සිට රාජ්‍ය සේවයට අන්තර්ග‍්‍රහණය කිරීමට කටයුතු ආරම්භ කරන බව රාජ්‍ය සේවා, පළාත්සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවැසීය.

අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිප දෙනකුට කොවිඞ් වැලඳීම නිසා ඇතැම් අංශ තාවකාලිකව වසා දැමීමෙන් අභ්‍යාසලාභීන් සියලූ දෙනා රාජ්‍ය සේවයට අන්තර්ග‍්‍රහණය කිරීම ප‍්‍රමාදවී තිබූ බවද ඇමැතිවරයා කීය. මේ වන විට එම අංශ යථා තත්ත්වයට පත්කර තිබෙන නිසා අභ්‍යාසලාභී උපාධිධාරීන් ලෙස 2019 දී බඳවා ගත් 14,283 දෙනාම මේ මස අවසන් වීමට පෙර රාජ්‍ය සේවයට අන්තර්ග‍්‍රහණය කරන බව ඇමැතිවරයා කීය.

මෙම පිරිසගේ පත්වීම් ලිපිය 2021 ජනවාරි 01 වැනිදා වන ලෙස සලකා නිකුත් කරන බව කී ඇමැතිවරයා රාජ්‍ය සේවයට අන්තර්ග‍්‍රහණය කර වසර තුනක පරිවාස කාලය සම්පූර්ණ කිරීමෙන් පසු ස්ථිර සේවයට පත්කරන බවද කීය.

අභ්‍යාසලාභීන් පිරිස රාජ්‍ය සේවයට අන්තර්ග‍්‍රහණය කිරීමට අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින විට ඇතැම් දේශපාලන පක්‍ෂ නියෝජිතයන් විවිධ විරෝධතා පැවැත්වීමට සංවිධානය වෙමින් සිටින බවත් ඒවාට හසුනොවන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින බවත් ඇමැතිවරයා කීය.

More from GossipMore posts in Gossip »