Press "Enter" to skip to content

මංගල උත්සවයකට සහභාගී වූ 131 දෙනෙකුට කොරෝනා

මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් උඩුගම්පොළ ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට සහභාගී වූ පුද්ගලයන් අතරින් 131 දෙනෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඉකුත් ජනවාරි මස මස 26 වන දා පැවති අදාළ මංගල උත්සවයට 250ක පමණ පිරිසක් සහභාගී වී ඇති බව වාර්තා වේ.

මේ අතර, එම උත්සවයට සහභාගී වූවන්ට කොරෝනාවෛරසය ආසාදනය වූ බව තහවුරු වීම හේතුවෙන් මනාලියගේ පාර්ශවයෙන් එම උත්සවයට සහභාගී වූ අඹන්පොළ ප්‍රදේශයේ පවුල් 44ක් මේ වන විට ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ ය.

More from GossipMore posts in Gossip »