ඊයේ දිනය තුළදී හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
එම පිරිස 197 ක් වන අතර, එය ඌව පළාතෙන් කොරෝනා ආසාදිතයින් වැඩිම පිරිසක් වාර්තා වූ පළමු අවස්ථාවයි.
ඊට අමතරව කොළඹින් 116 ක්, ගම්පහින් 101 ක් සහ තවත් ආසාදිතයින් 312 දෙනෙකු දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් ඊයේ වාර්තා වී තිබෙනවා.






