Press "Enter" to skip to content

බසය තුල වැටුණු ලක්ෂ ගණනක් වටිනා අත්පළඳනාව, යළිත් හිමිකරුගේ අතේ පැළැන්ඳූ කොන්දොස්තර මහතා

රුපියල් 137,000ක් පමණ වටිනා අත්පළඳනාවක් ප්‍රවේශම් කර නැවත ගෙනත් දුන් කොන්දොස්තර මහතෙකුගේ උතුම් ක්‍රියාවක් ගැන, තරුණයෙක් මුහුණූ පොතේ සංවේදී සටහනක් තබා තිබුණා.

මේ තියෙන්නේ ඒ සටහන….

ශ්‍රී ලංකා ගමනාගමන මන්ඩලයේ කැප්පෙටිපොළ ඩිපෝවේ up NA2555බස් රථයේ 2021-02-04 වන දින මා වැලිමඩ සිට මිරහවත්ත දක්වා ගමන් කිරීමට ගොඩ වුණි.

මා බසයෙන් පිටත් වී නිවසට ගිය පසු මාගෙ 137000ක් පමණ වටිනා අත් පලදනාව නොමැති බව දැන ගතිමි පසුව මා නැවතත් බසයක නග ගොස් මෙම කොන්දොස්තර මහතා මුන ගැසුණි…

මා මහත් කණස්සල්ලට හා දුකට පත් වී ඇති අවස්ථාවක මෙම කොන්දොස්තර මහතා( R.M.D.I.ඉලුක්වෙල) මගේ අත් පලදනාව ලබා දීමත් සමග මා හට මහත් ප්‍රිතියක් ගෙන දුනි….ඔබතුමාට බෙහෙවින් ස්තුති කරමි..මා මෙය මෙසේ ලියන්නට හෙතුව අද සමාජයේ මෙවැනි මිනිසුන් අතලොස්සක් සිටින හෙතුවෙනි…අපි මෙවෙනි මිනිසුන් අගය කොට සලකිමට කටයුතු කරමු….

Capture 1 | Gossip Lanka
More from GossipMore posts in Gossip »