Press "Enter" to skip to content

සති පොළකින් කොරෝනා ආසාදිත වෙළෙඳුන් 44ක් හමු වෙයි

අලව්ව සෞඛ්‍ය බල ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයින් 44 දෙනෙකු වාර්තා වන බව අලව්ව අතිරේක වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඒ. හේරත් මහත්මිය පැවසුවාය.

අලව්ව සතිපොළ වෙළෙඳුන් හා ආශ්‍රිතයින් 300කට පසුගිය 30 වන දා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලින් සතිපොළේ කොරෝනා ආසාදිත වෙළඳුන් ඇතුළු 44 දෙනෙකු හඳුනාගෙන ඇත.

හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කිරීමටත්, ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් හඳුනාගෙන ඉදිරි නිරෝධායනට කටයුතු කරන බව ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය පැවසීය.

More from GossipMore posts in Gossip »