Press "Enter" to skip to content

අසූ දෙහැවිරිදි දෙදරු මව අමානුෂිකව දූෂණය කළ නරුමයා අත්අඩංගුවට

අතුරුගිරිය, වල්ගම ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 82 ක් වූ දෙදරු මවක අමානුෂික ලෙස දූෂණය කොට සැඟව සිටි පුද්ගලයකු අතුරුගිරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මව වල්ගම ප‍්‍රදේශයේ තිබෙන තම නිවසේ තනිව සිට ඇති අතර ඇයගේ දරුවන් වෙනත් නිවෙස්වල පදිංචිව සිටී. ඇයගේ නිවස අසල කුඩා කඩ කාමරයක් කුළියට දීමට තිබෙන බවට වූ දැන්වීමක විස්තර විමසන මුවාවෙන් පැමිණි සැකකරු නිවස තුළ ඇය තනිව සිටින බව දැනගෙන තර්ජනය කොට ඇයව දූෂණය කර ඇති බව පොලිස් පරීක්ෂණවලින් තහවුරු විය. පසුගිය 28 වනදා උදෑසන 8.00 ත් 10.00 ත් අතර මෙම සිද්ධිය සිදුවී ඇති අතර සැකකරු පලාගොස් ඇත. කාන්තාව වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා කලූබෝවිල රෝහලට ඇතුලත් කොට තිබේ.

අතුරුගිරිය පොලිසියේ නිලධාරීන් විසින් කරනු ලැබූ විමර්ශනකින් හෝමාගම පිංකෙත ප‍්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී සැකකරු අත්අඩංගුවට ගත් අතර ඔහු 32 වියේ පසුවන පෙදරේරු රැුකියාවේ නිරත විවාහකයෙකි.

සැකකරු කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 8 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර එදින ඔහු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතය.

අතුරුගිරිය පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පො. ප. වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පො.ප. පේ‍්‍රමලාල්, පො.ප. දිනුක, උ.පො.ප. රොෂාන්, පො.සැ. (36709* සුකුමාරන්, ළමා හා කාන්තා ඒකකයේ ස්ථානාධිපති කා. පො. සැ(5488* නිලක්ෂි, පො. සැ.(40793* තෙන්නකෝන්, පො.කොස්තාපල්වරුන් වන (84898* හර්ෂ, (76215* ප‍්‍රසාද්, (92515* හෙට්ටිගේ, (928* සුසන්ත, ඇතුළු නිලධාරීහු පරීක්ෂණ මෙහෙයවති.

More from GossipMore posts in Gossip »