Press "Enter" to skip to content

නියම මොහොත් චීනය අත දමයි.. විදෙස් සංචිත ගැටළුවට ඩොලර් මිලියන 1500ක විනිමය හුවමාරු පහසුකමක්

චීන මහ බැංකුව වෙතින් ශ්‍රී ලංකා මහ බැංකුය වෙත ඩොලර් මිලියන එක්දහස් පන්සීයක ණය පහසුකමක් ලබා දීමට තීරණය කර තිබේ.

මෙරට ඇති වී තිබෙන විදේශ සංචිත හිගය කළමනාකරණය කර ගැනීම සඳහා කෙටි කාලීන ගෙවීම් පහසුකම යටතේ මෙය ලබාදීමට නියමිතය.

ඉන්දියාවෙන් කෙටි කාලීන ගෙවීමේ පදනමෙන් ලබා ගන්නා ලද ඩොලර් මිලියන 400 ක මුදල මේ සතිය තුළ ඉන්දියාවට ගෙවීමට රජය කටයුතු කලේය.

ඒ තත්ත්වය මත ඇති වූ විදෙස් මුදල් හිගය චීනයෙන් ඩොලර් මිලියන 1500ක මුදලක් ලැබීමත් සමගින් සමනය වනු ඇත.

නැගෙනහිර පර්යන්තය 49%ක සදහා යෝජනා වී තිබූ මුදල ඩොලර් මිලියන 700ක් පමණ වෙයි.

More from GossipMore posts in Gossip »