Press "Enter" to skip to content

මිකී – ළහිරු තරු හතරේ හෝටලයකට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා සහ ආරම්භක පිතිකරු ළහිරු තිරිමාන්න කොළඹ පෞද්ගලික රෝහලක අධීක්ෂණය යටතේ ඇති වැල්ලවත්තේ පිහිටි තරු හතරේ හෝටලයක පවත්වාගෙන යන කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළත් කර තිබේ.

මිකී – ළහිරු දෙදෙනාටම වයිරසය ආසාදනය වුවද කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් කර නැති අතර, තිරිමාන්න ඊයේ තම නිල ටිවිටර් ගිණුමට පණිවිඩයක් යොමු කරමින් තමන්ට කිසිදු රෝග ලක්ෂණයක් නැති බවට සටහනක් තබා තිබිණි.

මිකී ආතර් මහතා සහ ළහිරු තිරිමාන්න දෙදෙනාටම කොරෝනා වයිරසය ආසාදනය වුවද යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය මණ්ඩලයේ සාමාජිකයකු පැවසීය.

මේ අතර බටහිර ඉන්දීය කොදෙව් සංචාරය නියමිත පරිදි පවත්වනවාද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය ලබන සඳුදා (8) ප්‍රකාශ කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය. ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් නිරෝධායනය කර ඇති හෙයින් ඔවුන්ගේ ඉදිරි පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල අනුව බටහිර ඉන්දීය කොදෙව් සංචාරය පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් අවසන් තීරණය ප්‍රකාශ කරනු ඇති බව ඒ මහතා පැවසීය.