තම සොහොයුරා විසින් දූෂණය කිරීම නිසා ගැබ්ගත් 15 හැවිරිදි දැරියක දරුවකු ප්රසූත කර ඇති අතර සොහොයුරා පෙරේදා (03 දා* හිඟුරක්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 18 හැවිරිදි තරුණයෙකි. දරුවා ලැබීමට දැරිය රෝහල්ගත කිරීමෙන් අනතුරුව රෝහල් ප්රධානීන් විසින් සිද්ධිය පොලිසියට දැනුම් දී ඇත. පොලිසිය විසින් සිදුකළ විමර්ශනවලදී දීර්ඝ කාලයක සිට දැරිය තම සොහොයුරාගේ අතවරයට ලක්ව ඇති බව හෙළිව තිබේ.
පෞද්ගලික ආයතනයක සේවකයකු වන සැකකාර තරුණයා ඊයේ (04 දා* අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබිණි.
හිඟුරක්ගොඩ සහකාර පොලිස් අධිකාරි එම්. ආර්. එම්. එස්. කුමාරසිරි මහතාගේ උපදෙස් මත
හිඟුරක්ගොඩ මූලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂක බුද්ධික ගුණසේකර, අපරාධ අංශයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක බංඩාර, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි සැරයන් ශිරෝමි (4491, විමර්ශන නිලධාරි උප පොලිස් පරීක්ෂක නිලවීර, සැරයන් රුවන් (10338, කා. පො. කොස්තාපල් මධුෂානි (6917, මංජුලා (6943 යන නිලධාරීහු පරීක්ෂණ පවත්වති.






