Press "Enter" to skip to content

තවත් ඇඟලුම් කර්මාන්තශාලාවකින් කොවිඩ් පොකුරක් මතුවෙයි – ආසාදිතයින් 28ක් හදුනා ගනී

වේයන්ගොඩ නාවුගල ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්තශාලාවකින් කොවිඩ් ආසාදිතයින් 28 දෙනෙකු හඳුනාගත් බව ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

ඒ හේතුවෙන් එම ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවයේ නිරතව සිටි 540 දෙනෙකු නිරෝධායනය සඳහා යොමුකර ඇති අතර ඔවුන්ගේ PCR පරීක්ෂණ ඉදිරියේදී කිරීමට නියමිතය.

කොවිඩ් ආසාදිතයින් හමුවීම හේතුවෙන් එම කර්මාන්තශාලාව වසාදමා තිබේ.

මේ අතර මහියංගනයේ පිහිටි ඇඟලුම් කම්හලකින් ද කොවිඩ් ආසාදිතයින් 85 දෙනෙකු හමු වී තිබේ.

මේ වනවිට එම ඇඟලුම් කම්හලෙන් හමුවී ඇති සමස්ත ආසාදිතයින් ගණන 108කි.

More from GossipMore posts in Gossip »