කොවිඩ් ආසාදනය වීමෙන් වැළැකීම සඳහා ප්‍රතිශක්ති වර්ධනය කිරීමට නිෂ්පාදනය කර ඇති දේශීය ඖෂධ අතරින් මෙතෙක් අනුමැතිය ලබා දී ඇත්තේ ඖෂධ වර්ග දෙකකට පමණක් බව ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග පැවසීය.
එහෙත් මේ වන විට දේශීය ඖෂධ වර්ග 20කට අධික ප්‍රමාණයකට අනුමැතිය සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවට ඉල්ලීම් ඉදිරිපත් වී ඇති අතර ඒ සියල්ල ප්‍රතික්ෂේප වී තිබේ.
ඊට හේතුව ලෙස කොමසාරිස්වරයා පෙන්වා දෙන්නේ එම ඖෂධවලට අදාළ නිෂ්පාදනාගාර ලියාපදිංචි කිරීම ඇතුළු ක්‍රමවේදයන්ට අනුගත නොවීමය.
ස්ට්‍රිමියුන් (strummune) සහ එපිරයිටීස් (Epireties) යන සිරප් වර්ග දෙක සඳහා මෙලෙස අනුමැතිය ලබාදී ඇති අතර එය භාවිත කළ යුතු ආකාරය සම්බන්ධයෙන් එම නිෂ්පාදනාගාරවල සඳහන් කර ඇති බවද කොමසාරිස්වරයා කියයි.
එමෙන්ම ධම්මික බණ්ඩාර නමැත්තා සකස් කරන ලද ඖෂධීය පානය සඳහා අනුමැතියක් ලබාදී නොමැති බව පැවසූ කොමසාරිස්වරයා එයට සායනික පරීක්ෂණ මාස 3ක තාවකාලික බලපත්‍රයක් පමණක් ලබාදී ඇති බවද පැවසීය.






