Press "Enter" to skip to content

අද කොරෝනා මරණ 7 යි : ආසාදිතයන් 706 යි

කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 7 දෙනෙකු අද (04 වැනිදා) දිනයේ මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

ඒ අනුව වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 339 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේ මියගිය පිරිස අතර කාන්තාවක් සහ පිරිමි 6 දෙනෙක් වෙති.

මේ අතර කොවිඩ්-19 වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 349 දෙනෙකු අද රාත්‍රීයේදී හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 8.45 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලින් අද දිනයේදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 706 කි.

මේ දක්වා ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිතයන් 67,115 ක් වාර්තා වී තිබේ. ඔවුන් අතුරින් මේ දක්වා 60,567 දෙනකු සුවය ලබා ඇත.

මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා රෝගීන් සංඛ්‍යාව 6209 කි.

More from GossipMore posts in Gossip »