Press "Enter" to skip to content

පාසල් දැරියක් හදිසියේ මිය යයි…පැය භාගයක් යන තුරු කිසිදු ප්‍රතිකාරයක් ලැබිල නැහැ.

හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පාසල් සිසුවියක රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ බුත්තල දුටුගැමුණු ජාතික පාසලේ 06 වසරේ දැරියකි.

අසනීප තත්ත්වයක් හේතුවෙන් බුත්තල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එතනින් මොණරාගල මහ රෝහලට යොමු කිරීමෙන් පසු දැරිය මියගොස් ඇත.

පාසැලේදී දහවල් ආහාරය ගැනීමෙන් පසු ඇතිවූ ක්ලාන්ත ගතියක් හේතුවෙන් ඇය මෙසේ රෝහල්ගත කර තිබිණි.

ඇය රෝහල් ගත කර පැය භාගයක් යන තුරු කිසිදු ප්‍රතිකාරයක් හෝ සොයාබැලීමක් හෝ සිදු නොවූ බව දැරියගේ ඥාතීහු කියති.
උපුටා ගැනීම : lanka cnews