ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදි මියගිය 31 හැවිරිදි රාගම රෝහල් වෛද්‍ය ගයාන් මහතාගේ අවසන් කටයුතු නිරෝධායන නීති රීතිවලට අනුව ගාල්ල දඩැල්ල ආදාහනාගාරයේ දී අද පස්වරුවේ දි සිදුකෙරිණි.
මියගිය වෛද්‍යවරයා වෙනුවෙන් මහා සංඝරත්නය වඩම්මවා ආගමික වතාවත් කොට පිං පැමිණිවිම ද කරාපිටිය රෝහලේ දි සිදු විය.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කරාපිටිය ශාඛාවේ වෛද්‍යවරුන් විසින් එය සංවිධානය කොට තිබුණි. මෙම අවස්ථාවට වෛද්‍ය වරයාගේ බිරිද, පවුලේ ඥාතින් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
පසුව වෛද්‍යවරයාගේ දේහය නිරෝධායන නිතිරිතිවලට අනුකුලව දඩැල්ල ආදාහනාගාරය වෙත රැගෙන ගොස් ආදාහනය කිරිමට කටයුතු කරණු ලැබුණා.











