ලොව බිහිවූ වඩාත්ම නුවණැති ක්‍රිකට් නායකයා ලෙස මහේල ජයවර්ධන නම් කෙරුණු බව අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනය සිය ට්විටර් ගිණුමේ දක්වා තිබිණි.
මහජන මනාපයෙන් තෝරා ගත් මෙම මත විමසීමට ක්‍රීඩකයන් 4 දෙනෙකු නම් කළ තිබූ අතර , ඕස්ට්‍රේලියාවේ මාක් ටේලර්, නවසීලන්තයේ මාටින් ක්‍රොව්, නවසීලන්තයේ ස්ටීවන් ෆ්ලෙමින් සහ ශ්‍රී ලංකාවේ මහේල ජයවර්ධන එම ක්‍රීඩකයන් වේ.
මෙම ක්‍රීඩකයන් අතරින් 44.9%ක මනාපයක් ලබා මහේල ලොව බිහිවූ වඩාත්ම නුවණැති ක්‍රිකට් නායකයා ලෙසට පත් වූ අතර ඔහුට දෙවැනි වූ ෆ්ලෙමින්ට ලබා ගත හැකිවූයේ 39.9ක මනාපයකි. මෙම මත විමසීමට සමගාමීව පැවති තවත් මත විමසීම් 3කින් හොඳම උනන්දු කරවන නායකයා ලෙසින් නවසීලන්තයේ බ්‍රෙන්ඩන් මැකලම් තේරී පත් වූ අතර හොඳම වේගපන්දු යවන්නන් නිර්මාණය කළ නායකයා ලෙසට පාකිස්තානයේ ඉම්රාන් ඛාන් නම්කෙරිණි.