Press "Enter" to skip to content

එන්නත ලබා ගත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල අතුරු ආබාධ

කොරෝනා වෛරසය පාලනය සදහා මෙරට දී එන්නත්කරණයේ යොදන එන්නත ලබාදීමෙන් පසු සාමාන්‍ය එන්නතකට වඩා අතුරු ආබාද වාර්තා වෙමින් ඇතැයි රසායන වෘත්තීයවේදී සංගමය සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

එහි සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කරන්නේ ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පර්යේෂණාත්මක විමර්ශනයක් නොකිරීම ගැන දැඩි විරෝධය පළ කරන බවයි.

කෙසේ නමුත් මෙම එන්නත ලබා ගැනීමට බිය විය යුතු නැති බව ද එය සාමාන්‍ය තත්ත්වයක් බවත් වෛරසයට ශරීරයෙන් ප්‍රතිචාර දැක්වීමේ දී යම් යම් සංකූලතාවයන්ට සුළු වශයෙන් මතුවිය හැකි බවත් කොරෝනා පාලන අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ මහතා පවසයි.

එමෙන්ම කොරෝනා මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහන ආරම්භ කළ දිනයේ සිට මේ දක්වා 50,000 ක පමණ පිරිසක් එන්නත්කරණයට ලක් කර ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළේය.

උපුටා ගැනීම : lanka cnews

More from GossipMore posts in Gossip »