Press "Enter" to skip to content

දෙවියන් ආරූඪ වුණා කියා මව සිය දියණියන් දෙදෙනා මරා දමයි

තම දියනියන් දෙදෙනාව ඉතාම අවාසනාවන්ත ලෙස ඝාතනය කළ මවක් සහ පියෙකු පිළිබඳව ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

වයස අවුරුදු 27ක් වූ ආලේක්‍යා සහ වයස අවුරුදු 23ක් වූ සායි දිව්‍යා නම් තරුණියන් දෙදෙනා මෙලෙස ඝාතනය වී ඇත.

මෙලෙස සිය දියනියන් දෙදෙනාව ඝාතනය කර තිබුණේ ගණිතය විෂය සඳහා රන් පදක්කම් ලාභී පද්මජා නායිදු සහ රසායන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් සහ ඉන්දීය රජයේ විද්‍යාලීය කථීකාචාර්යවරයෙකු වන පුරුෂෝත්තම නායිදු නම් මව සහ පියා විසිනි.

ඉන්දියානු මාධ්‍ය වාර්තා කරන්නේ කොරෝනා වෛරසයට සිය අන්ධ විශ්වාසයන් මත ඝාතනයන් සිදුකර ඇති බවයි.

පොලීසිය විසින් මෙම පවුලේ නිවස වටලන අවස්ථාවේ දී නිවස පුරා ලේ විසිරි තිබුණු බවත් බිලි පූජාවක් මෙන් නිවස තුළ සරසා තිබුණු බවත් ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබුණි.

එමෙන්ම මෙම ඝාතනය සිදු කළ යුවල විසින් පවසා තිබුණේ සිය දියනියන් දෙදෙනාව නපුරු ආත්මයන්වලින් ගලවා ගැනීම සඳහා මෙම ඝාතනයන් සිදු කළ බවයි.

මෙම ඝාතනයෙන් පසුව ඊළඟ ආත්මයේ දී ප්‍රීතිමත් පවුලක් ලෙස නැවත ඉපදීමට අවස්ථාව ඇති බවද මෙම ඝාතනය සිදු කළ මව සහ පියා විශ්වාස කර තිබුණු බව සඳහන් වෙයි.

කෙසේ වෙතත් මව විසින් තම දියනියන් දෙදෙනාව ඝාතනය කරන අයුරු බලා සිටීමට නොහැකි වූ පියා විසින් සිය මිතුරෙකු මාර්ගයෙන් එම අපරාධය සම්බන්ධයෙන් අන්ද්‍රා පොලීසිය වෙත දන්වා තිබුණි.

මෙම ඝාතනය සිදු කළ කාන්තාව පොලීසියට රැගෙන යන අවස්ථාවේ ඇයි විසින් කෑගසමින් පවසා තිබුණේ මම ශිව”කොරෝනා වෛරසය පැමිණියේ චීනයෙන් නෙමෙයි”මගේ ශරීරයේ අංශුවලින් යැයි කියා කෑ ගසා තිබුණු බවද ඉන්දියානු මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.

ඇයගේ විවිධ හැසිරීම් සහිත වීඩියෝ කිහිපයක් ද අන්ද්‍රා පොලීසිය විසින් සොයාගෙන තිබු බව ඉන්දියානු මාධ්‍ය වාර්තා සඳහන් කර අතර එම එක් වීඩියෝවක ඇය විසින් කොරෝනා වෛරස් පරික්ෂාව සඳහා සාම්පල් ගැනීමට පැමිණි වෛද්‍යවරුන් පිරිසකට බැන වදින විඩියෝවක් ද තිබී ඇති බව සඳහන් වෙයි.

ඇයි එම වෛදවරුන්ට බැන වදිමින් පවසා තිබුණේ කොරෝනා වෛරසය සඳහා එන්නත් අවශ්‍ය නොවන බවත් මෙම මාර්තු වන විට වෛරසය සම්පුර්ණයෙන් නැතිව යන බවත්ය.

එමෙන්ම තව වීඩියෝවක ඇයගේ සැමියා විසින් ඇයගේ ක්‍රියාකලාපයට විරුද්ධ වූ අවස්ථාව ඇය විසින් දෙවියන් ආරූඪ වූවා යැයි පවසා කියා තිබුණේ ˜‍මම ඔබේ බිරිඳ නෙමෙයි” මම ශිව˜‍ යනුවෙනි.

මෙතරම් උගත් පවුලක් විසින් මෙම සිදුකරන ලද අපරාධය පිළිබඳව අසල්වාසීන්ටද සිතා ගත නොහැකිව සිටින බවද ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ දිගටම ක්‍රියාත්මක බවද සඳහන් වෙයි.

More from GossipMore posts in Gossip »